IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විදුලි පනතට ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය.

ආණ්ඩුව වෙනත්  සංශෝධන කිසිවක්  ඉදිරිපත් නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආංශික අධීක්ෂණ කාරක සභාව එක සංශෝධනයක් ඉදිරිපත් කළ බවත්  ආණ්ඩුව  ඊට එකඟ වූ බවත් ඔහු කීවේය.

විදුලි පනත් කෙටුම්පත  පිළිබඳ විවාදය අද පවත්වන බවද විජේසේකර මහතා  පැවසීය.



අදහස් (2)

‘විදුලි පනතට ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන නෑ‘

ravin Wednesday, 05 June 2024 05:54 PM

අපොයි වැඩිය බය වෙන්න එපා. ඔය කොයි කොයි දේටත් පොදු ජනතාව ළඟ විසඳුම් තියෙනවා. කාලය විතරයි අවශ්‍ය...

:       3       4

අරවින්ද මොනරවිල Wednesday, 05 June 2024 07:20 PM

තව මාස හතරක් ඉවසන්න, අපි අලුත් සංශෝධනය රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා වැඩියෙන්ම කැමැති වැලිකඩටද බූස්සටද කියලා කියන්න හොඳේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site