(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
එසේ තීන්දු කළේ මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd