
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පොල්ගස්ඕවිට පාලගම පිහිටි මෙම කර්මාන්ත ශාලාවේන් විදුලියෙන් ධාවනය කෙරෙන ත්‍රීරෝද රථයට අමතරව පාපැදියක් ද නිෂ්පාදනය කර ඇති අතර ටොන් එකහමාරක බරක් පටවාගෙන යා හැකි ලොරි රථයක් ද නිෂ්පාදනය කරමින් සිටී.
මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති නව ත්‍රීරෝද රථය සාමාන්‍ය ත්‍රීරෝද රථයක ආකෘතියට නිපදවා ඇති අතර ඉන් එක් ත්‍රිරෝද රථයක තිදෙනකුටත් අනිත් ත්‍රීරෝද රථයේ හත් දෙනකුටත් ගමන් කළ හැකිය.
මෙම ත්‍රිරෝද රථයේ එක් බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 100 ධාවනය කළ හැකි අතර තවත් බැටරියක් ආරෝපණය කොට කිලෝමීටර් 200 ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සකසමින් සිටී.
නව ත්‍රිරෝද රථයට සවි කෙරෙන බැටරිය , වීදුරුව , ටයරය සහ ඉලෙක්ට්‍රික් කිට් එක හැර අන් සියලු උපාංග මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් දෙන තෙල් ගහගෙන වෙන්න ඇති ඒ ත්‍රිරෝද රථයේ නරඹන්න යන්න ඇත්තේ...?
ඇමැතිකමට වඩා සුදුසු ත්‍රිවීල් රස්සාව...
අයිතිකාර මහත්තයෝ ඕවා දේශපාලන වයිරස් . වෙනත් රටක වාහන කොම්පැනියකින් ලොකු කොමිස් එකක් අරන් ඔයාගේ කොම්පැනිය වහලාම දාන තැනට වැඩේ කොරයි .
ලෝකෙම නවීන car රථ taxi සේවයට යොදවද්දී අපේ රටේ ත්‍රීවිල් රථ taxi සේවයට දමනවා. ඉස්සර හොද car taxi සේවයක් තිබ්බ රටක් මේක.
ආර්තික ඔස්තාර් උපදෙස් දෙන්ඩ ගිහින් වගේ?