IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට

(රංජිත් රාජපක්ෂ  )                    

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු  අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ (40) සහ ගගණ මධුසංඛ (17) යන අයයි.

ජිවිතක්ෂයට පත් අය වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදි ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇත.

පසුව  කාමරයක් තුල විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර මොවුන් නින්දට ගොස් ඇති අතර , අද (23) අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය සොයා බලා තිබේ.

අනතුරුව  පුපුරැස්ස පොලිසිය දැනුම් දි ඇත.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු කාබන්මොනොක්සයිඩ් වායුව අග්‍රාණනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය පැවසිය.

 



අදහස් (4)

විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට

ජයනාත් Thursday, 23 May 2024 04:42 PM

මෙයාල මෙතරම් නොදැනුවත් අයද .. මීට කලිනුත් මෙ වගෙ සිද්ධිය ක් වෙලා 3 විතර මැරුණ.

:       0       36

Sarath AbeywickramaThursday, 23 May 2024 05:24 PM

ලංකාවේ ජෝඩුවක් පිටරටකදීත් මේ විදිහටම මැරුණා.

:       0       1

සෙනෙවිරත්න Thursday, 23 May 2024 10:57 PM

හුඟදෙනෙක් විද්‍යාව ඉගෙන ගන්නේ සම්මානයක් ඒ අකුරක් ගන්න මිසක් ජීවිතයේ යථාර්ථයට හරවත්ව යොදාගන්න නොවෙයි. අපේ පසුගාමිත්වයට හේතුවෙන මේ සමහර පුහුු මතිමතාන්තර සියල්ලටම පිළිතුරු ඉස්කෝලේ උගන්වන විද්‍යාවෙන් ලැබුණත් තවම පරණ පාරේම යනවා. දෙහිගෙඩි එල්ලන දොස්තරලා ඉන්නවා.

:       1       5

Senarath Friday, 24 May 2024 09:13 AM

මෙයාට කළිනුත් ගෑස් උඳුනක් කාමරේ තියාගෙන ඉඳලා තරුණ යුවලක් මැරුණා. මේ මිනිස්සුන්ට කිසිම දේකින් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. අපරාදෙ මේ තරුණ ළමයි සහ ඔහුගේ පියාගේ ජීවිතය නැතිවුණේ...!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site