(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.
එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය.
මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ලැබෙන පඩියත් පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති මණ්ඩලයේ ගානත් ඔය කියන සෙසු රටවල් එක්ක සැසඳුවොත් නරකාද
ඔබ වෙනත් රටවල උපයෝගිතා බිල්පත් අපේ රට සමඟ සංසන්දනය කරන්නේ නම්, කරුණාකර අනෙක් කරුණද සලකා බලන්න. ආදායම්, ආර්ථිකය, රජයන් මගින් සපයන ප්‍රතිලාභ යනාදිය
එංගලන්තයේ අවම පඩිය දිනකට පැය 8 ගානේ මාසිකව පවුම් 1536 ඒ කියන්නේ රුපියල් 6,28,224ක් සසඳන විට විදුලි බිලත් මෙම ආදායමත් දෙකම සසඳන්න...