IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.

මහජන උපයෝගිතා කොමිසන් සභාව ලබන 30 වන රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ද මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වර්තමාන කැබිනට් මණ්ඩලයේ තීරණයකට සෑම වසරකම දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතය.

විදුලිබල මණ්ඩලය ඊට අදාල යෝජනාව මීට මාසයකට පමණ පෙර මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ අතර එම කොමිසම ඊට අදාල කටයුතු ඉන් පසුව ආරම්භ කළේය.

එහි වැඳගත් පියවරක් වන මහජන අදහස් ගැනීම පෙරේදා (27) අවසන් කළ අතර එම යෝජනා කොමිසම මේ වන විට සමාලෝචනය කරමින් සිටියි.

විදුලිබල මණ්ඩල මෙම සංශෝධනයේදී විදුලි ගාස්තුව සියයට 3 කින් අඩු කිරීමට යෝජනා කර තිබූ අතර ඇතැම් ඒකක කාණ්ඩවලට සියයට 26 කින් ගාස්තු අඩු වන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණි.

 



අදහස් (0)

විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site