(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3.3 ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය මෙම වසරේ රුපියල් කෝටි 71,000 ආදායමක් ලබා රුපියල් කෝටි 2,300 ලාභයක් ලැබීමට සූදානම් වන බව කී රත්නායක මහතා එම මණ්ඩලය පසුගිය මස තුනේ ලැබූ රුපියල් කෝටි 6,000 කට  වැඩි ආදායම පිළිබඳව කථා නොකරන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 13,500 ක් හංගාගෙන මහජනතාවට නොදී සිටින බව රත්නායක මහතා කීය.
විදුලි ඒකක 0-30 අතර පාරිභොගිකයාගේ ගාස්තු රුපියලකින් ද, ඔවුන්ගේ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 25 ක් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බව කී රත්නායක මහතා පැවසුවේ විදුලි ඒකක 31 සිට 60 දක්වා  විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 3 කින් සහ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 30 කින් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බවත්ය.