(සුජිත් හේවාජුලිගේ )
විදුලිය ගාස්තුව වැඩි කිරීමේ යෝජනාව ලබන 2 වැනිදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි.
මෙයට අමතරව ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ගෙවන්නේ නෑ. පුළුවන් දෙයක් කරහං. වැඩිය නටන්න ආවොත් හොරට ලයිට් ගන්නවා. පුළුවන් දෙයක් කරහල්ලා.
ආපසු ලොකු කැරැල්ලක් ඇති වන පාටයි .
ලංකාදීප, හැකි නම් මේ මිල වැඩි කිරීමත් එක්ක ලංකාවේ කොපමණ පිරිසක්/ ප්‍රතිශතයක් එක් එක් ආර්ථික කාණ්ඩ වලින් පහළ කාණ්ඩයකට වැටෙනවාද යන දත්ත සොයාගන්න. ඒ තොරතුරු ගොඩක් වැදගත් වෙයි මේ මිල වැඩි කිරීම් වල සැබෑ බලපෑම තේරුම්ගන්න.
විදුලිය කියන්නෙ අත්යයවශ්යම සේවාවක් මෙ ගාස්තු වැඩිකිරීමක් නිස අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට අතවැනීමක් වෙඩිමිලට මිලදී ගැනීම් නතර කරල අතිරික්ත සෙවකයන් ඉවත් කරල නාස්තිය අවම කරල ඉතිරි ටික ආවරනය කරගන්න මෙ පොහොර ලනුව වගෙ තවත් දිරච්ච ලනුවක් වගේ.
මේ ආකාරයට වැඩි කළොත් ජනතාව බුරුතු පිටින් පාරට බහින ඒක වළක්වන්න බැරි වෙයි.