(සුජිත් හේවාජුලිගේ )

විදුලිය ගාස්තුව වැඩි කිරීමේ යෝජනාව ලබන 2 වැනිදා  පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි.

මෙයට අමතරව ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙරෙනු ඇත.