(යොහාන් භාසුර)
මෙම අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු යැයි නිර්දේශ කරන බව පාරිභෝගික උපදේශන කමිටුව නිර්දේශ කරන බව එම කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා අද (30) පැවසීය.
විදුලි ගාස්තු ඉහළ යෑම තුළ භාණ්ඩවල මිල ඉහළ යෑම පාලනය කළ නොහැකි බවත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් නිෂ්පාදකයා අනිවාර්යෙන්ම එම බර පාරිභෝගිකයාට පටවන බවත් නිමල් පෙරේරා මහතා කීය.
විදුලි ගාස්තුව තව දුරටත් ඉහළ දැමුවහොත් ධරිද්‍රතාවයෙන් පෙළන සහ මධ්‍යම පංතියේ ජනතාවට එයට මෙයට මුහුණ දීමට නොහැකි බව ද පාරිභෝගික උපදේශන කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පාරිභෝගික උපදේශන කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා කොළඹදී අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd