(යොහාන් භාසුර)
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත් එසේ භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (7) පැවසීය.
ජනාධිපති මාධ්‍ය ඒකකයේදී අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.
ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුළු පොදු සේවා ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමට නොමැති බවත් විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය.
විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බව කී අමාත්‍යවරයා ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බව ද සඳහන් කළේය.
ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් ඒ මහතා කීය.
ඒ අනුව ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාසතු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවණ වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුණොත් අනිවාරෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගානක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි..
සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවන වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුණොත් අනිවාර්යයෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගාණක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා.. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි.
පුළුවන් නම් අඩුකරලා පෙන්වන්න. ඊළඟ සැරේ ඡන්දේ දෙනවා.