(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ (15 සහ 16) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අවසර දුන් බවත් ලබන සඳුදා (17) පෙර පරිදිම පැය දෙකයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට හෙට සහ අනිද්දා රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බවත් ලබන සඳුදා (17) දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන බවත් ජනක රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd