(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මසක පමණ කාලයක් ක්‍රියාත්මක කළ පැය 3 ක අඛණ්ඩ විදුලි කප්පාදුව හෙට (5) දිනයේ පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ඒ අනුව‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති රනිල් මැතිතුමාට ස්වභාව ධර්මයාගෙන් පවා උදව් ලැබෙනවා
විදුලි බල මණ්ඩලයේ ඉන්න හොරු ජලාශවල වතුර හොරෙන් මුදා හරින්නේ නැතිනම් අපිට පොසිල ඉන්ධනවලින් විදුලිය නිපදවන ප්‍රමාණය ගොඩක් අඩු කරන්න පුළුවන්.. මෙච්චර කල් එතැනින් කරපු හොරකම් දැන්වත් නවත්වන්න. කියන්න දුකයි ලංකාවේ සාධාරණය දකින්න පුළුවන් තැනක් හොයාගන්න බැහැ. හැමතැනම තියෙන්නේ අසාධාරණ, මංකොල්ලකෑම් සහ පාලක හොරුන්ට කඩේ යන කට්ටිය...