(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (19) පැවසීය.

ඒ අනුව එම දින දෙකේ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් කීය.