(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (24 සහ 25) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පස්වරුවේ පැවසීය.
ඒ අනුව එම දින දෙකේ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කරන බව ජනක රත්නායක මහතා කීය.
ලබන ඉරිදා පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 අතර කාලයේ පැය දෙකක් පමණක් වරින් වර විදුලිය කප්පාදු කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන නෑයි කියමුකො, ඒත් ජලය නෑ කියන්නෙ කොහොමද ඊයෙ පෙරේද වැහැපු වැස්සෙ හැටියට!
දවස් දෙකෙන් දෙකට කපන කාලෙ කිව්වට අන්තිමේ බැලුවම දිගටම කැපුවනෙ.. කවුද මෙහෙම රවටන්නෙ?