(යොහාන් භාසුර)
පෞද්ගලික පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබන වසරේ (2023) ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 13ක් ලබාගැනීමට සැළසුම් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සැළසුමට අනුව වහළය මත සවිකරන සූර්ය පැනල සහ සූර්ය පැනලවලින් ජනනය කරන විදුලි ගබඩා කිරීමට බැටරි හදුන්වාදීම පිළිබඳව විශේෂ අවදානය යොමු කර ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
ලබන වසරේ ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 28 ක් ගල්අඟුරුවලින් ද, සියයට 27 ක් ජල විදුලියෙන් ද, සියයට 13 ක් ඩීසල් සහ දැවීතෙල්වලින් ද, ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පෞද්ගලික ඩීසල් සහ දැවීතෙල් බලාගාරවලින් සියයට 12 ක ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.