(යොහාන් භාසුර)
පෞද්ගලික පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබන වසරේ (2023) ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 13ක් ලබාගැනීමට සැළසුම් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සැළසුමට අනුව වහළය මත සවිකරන සූර්ය පැනල සහ සූර්ය පැනලවලින් ජනනය කරන විදුලි ගබඩා කිරීමට බැටරි හදුන්වාදීම පිළිබඳව විශේෂ අවදානය යොමු කර ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
ලබන වසරේ ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 28 ක් ගල්අඟුරුවලින් ද, සියයට 27 ක් ජල විදුලියෙන් ද, සියයට 13 ක් ඩීසල් සහ දැවීතෙල්වලින් ද, ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පෞද්ගලික ඩීසල් සහ දැවීතෙල් බලාගාරවලින් සියයට 12 ක ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුමට සැපයුම තාක්ෂණික ක්‍රමයක් නොවෙයි. අනෙක ඒකකයක මිලයි වැදගත් වෙන්නේ. බැටරි චාජින් අසාර්ථක ක්‍රමයක්. demand side management පැත්ත ගැන සිතිය යුතුයි.
කටේ නරිවාදන් විතරනේ ඕව. Hybrid ක්‍රමයට සෝලාර් එකක් සමග බැටරියක් දානකොට 100% කම රාත්‍රී කාලයේදී බැටරියෙන් දුවන්න ඕන කියල තියෙන නීතිය දාල තියෙන්නෙත් ඔය විදුලි බල මණ්ඩලයම තමයි. රාත්‍රී කාලයේදී Grid current එක ගත්තොත් ඒකට අපිට බිල ගෙවන්න වෙනවා. දවල්ට සෝලාර් එකෙන් කොච්චර current එකක් හදලා දුන්නත් වැඩක් නැ. බිල හිලව් කරන්නේ නැ. Hybrid battery system එකක් ගන්න ඉන්න අයට ඒක එපා කරවන එකනේ එකෙන් වෙන්නේ. කියන්නේ නම් "ඒ සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා" කියල. එහෙම නම් ඉස්සෙල්ලම කරන්න ඕන Solar Hybrid Battery System ගන්න අයට තමන්ට පුළුවන් ප්‍රමාණයේ බැටරියක් දාල එකෙන් හැකි පමණ රාත්‍රී කාලයේදී දුවන්න දීල මදි වෙන විදුලිය grid එකෙන් ගන්න දෙන්න ඕන. දවල්ට සෝලාර් එකෙන් හැදෙන විදුලියට ඒක හිලව් කල යුතුයි. දැනටමත් මේ ක්‍රමය බැටරි නොමැති ඒවට කරනවනේ.