IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී  සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර මණ්ඩලයේ විධායක මට්ටමේ පුරප්පාඩු 529 ක් පවතින බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතා  එම කමිටුව කමිටුව හමුවේ සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලිත පෙර්‍රේරා  මහතා පැවසූවේ  ලංකා විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවයි.

මෙම ඉංජිනේරුවරුන් 130 දෙනා සේවය හැර ගොස් ඇතැයි පැවසෙන්නේ  ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස හතරේදීය.

 

 



අදහස් (7)

විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්

Sampath Wednesday, 15 May 2024 02:05 PM

ඉංජිනේරුවෝ රට අත ඇරලා ගියාට ආරථිකයට කිසිම බලපෑමක් නෑ කියලත් කියලා තිබුනා නේද..?

:       0       13

Muthu Wednesday, 15 May 2024 04:02 PM

මගේ දුවත් ඔය 130 ඇතුලේ ඉන්නවා. ඒ පවුලම ඕස්ට්‍රේලියා ගියා.....

:       3       16

channaWednesday, 15 May 2024 04:25 PM

යන රටකට ගිහින් තමන්ට නොමිලේ අධ්‍යාපනයක් දී, තනිව නැගිටින්නට උදව් කළ මව්රටට හැමදාම වඳින්න කියන්න.

:       2       15

unkown CEB engineer Wednesday, 15 May 2024 04:11 PM

රජයේ දුර්වලතා නිසා සියල්ලන් රට හැර යමින් පවතී

:       3       12

chamila Wednesday, 15 May 2024 06:49 PM

මුතූ, මොනතරම් සතුටුදායකද? දුව ඕස්ට්‍රේලියාවේ ගිය එක... මාසෙකට වතාවක්වත් ඩොලර් 100ක් ලංකාවට එවන්න කියන්න අම්මලා, තාත්තලාගේ වියදමට... හැබැයි ආණ්ඩුව මාරු වුණාට පස්සේ.. නැතිනම් මොවුන් ඒ සල්ලි වලින් වාහන ගෙන්නගන්නවා.

:       0       0

Lalla Wednesday, 15 May 2024 08:32 PM

විදුලි ඉන්ජිනේරුවරු ආර්ථික අපහසුකම් ට මුහුණ දීමට මූලික හේතුව අසීමිත සුඛ විහරණය සඳහා වියදම සහ ණය බර. ලංවිම වැටුප් සහ දීමණා ලංකාවේ හැටියට ඉහලම මට්ටමේ. ඒත් මදිනම්..... හැඳිගෑවිලාම යන එක හොඳයි....

:       8       6

Perera Wednesday, 15 May 2024 11:01 PM

ඉංජිනේරුවෝ මොකටද ලංකාවට ,අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා රට සුරපුරයක් කරන්න පුළුවන් සියල්ල දත් මොලේ නැති හරක් සෙට් එකක්

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site