
(ළහිරු හර්ෂණ)
කොළඹ 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මේ මොහොත වන විටත් දැල්වෙන අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
කොළඹ නගර සභාවද මෙම මාර්ගය ආසන්නයෙ පිහිටා ඇති අතර කිසිදු නිලධාරියකු මේ දක්වා මෙම පහන් නිවා දමන්ට කටයුතු කර නැත.
පවතින ඉන්ධන අර්බුදය නිසා විදුලිය පිරිමසන්නැයි බලධාරින් ජනතාවට කොතෙක් කීවත් නිලධාරීන් මේ ආකාරයෙන් නොසැලකිල්ලෙන් වැඩ කිරම වැදි බණ කියනවා හා සමාන බව මහජනතාව චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්කේ පත්තරේ බලලා.
පැලවත්ත අකුරේගොඩ පාර හමුදා මූලස්ථානය ඉදිරිපිට දිවෙන ප්‍රධාන මාර්ගය අසල ඇති විදුලි බුබුළු පවා මහා දවල් දැල්වී ඇත. මේ පිළිබඳ මා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික අංශය දැනුවත් කළත් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත...
2022 වෙලත්, පොදු ස්ථානවල ලයිට් ඕෆ් කරන්නේ තාම මැනුවලිද? ඉතිං හිතාගන්න පුළුවන් නේද රටක දියුණුව කොහොම වෙයිද කියලා... හැබැයි කතාකරලා බලන්න ඕනේ, දෙන්නේ ලෝකේ අල්ලන ටෝක්. කවදා මේ රට ගොඩයයිද?
යම් තරමකට වැඩ කරන්නේ කුණු එකතු කරන අය විතරයි...
අපි එහෙමයි... පස්ස බිම ඇනිලත් ගමන උඩින්...!
මේ තමයි අපේ හැටි... රටේ මොන ඉන්ධන හිඟය තිබ්බත් ගමන v8 එකේ...
පොරටෝක් දෙන ඇමැතියා දැනුවත් කරන්න කවුරුවත් නැතුව ඇති....
නඩත්තු කටයුතු සඳහා පරිපථ පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ මේ අයුරිණි. පිළිස්සුණු විදුලි බුබුළු මාරු කිරීම වැනි කටයුතුවලට කල් ගතවෙන අතර සම්පූර්ණ පරිපථයේම පිරික්සුම නිමාකොට, වීදුලිය විසන්දි කොට නඩත්තුව නිම කරනු ලබන බැවින් යම් කාලයක් පරිපථයට සම්බන්ධ විදුලි බුබුළු දල්වා තැබීම අනිවාර්ය වේ. පණ්ඩිත මහතුන් කළින්ම මේ බැව් අවබෝධ කරගෙන කමෙන්ට් කෙටීම මැනවි...