
(ඉන්දිකා රාමනායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ දී ජල ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම පා ගමනයට යාපනය ඇතුළු සියලුම වෛද්‍ය පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගි වී සිටි අතර එම පා ගමන වැලැක්වීමට පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන කණ්ඩායම්, යුද හමුදා, කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් යොදා ආරක්ෂාව තරකර ඇත.
(ඡායාරූප ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ තාමත් no PMC ගගා බෝඩ් උස්සං හැමිනෙනවා. තොපි හරියට මිනිස්සුන්ගේ බදු සල්ලි වලට හරියන විදියට වැඩ කරපං කො සල්ලි පස්සේ නොයා, රට නොයා. පකේ ලොජික් තොපෙ. තොපිට හැමිනෙන්ට PMC දාන්න ම ඕන මේ රටේ
රටේ ඉන්න කුහකම පිරිස. තව එකෙක් තැනකට එන එක බලන් ඉන්න බැරි කම. දියුණු රටවල් සියල්ලගෙම වගේ පුද්ගලික වෛද්‍යවිද්‍යාල තියෙනව. ලංකාවට විශාල ඩොලර් ප්‍රමණයක් ඉතුරු කර ගැනීමට සහ ගෙන්වා ගැනීමට හොඳම විසඳුමක්. අනික පුද්ගලික වෛද්‍යවිද්‍යාල වලින් විතරක් කොහොමද නිදහස් අධ්‍යාපනය නැති වෙන්නෙ. රටේ අනික් උපාධි සියල්ලම පුද්ගලික විශ්ව විද්‍යාලවල දෙනවනෙ. එහෙම දුන්න කියල රජයෙ උපාධිය නැති උනෙ නෑනෙ. අනික රටේ ඔනිතරම් පුද්ගලික රෝහල් තියෙන්නෙ. ඒවටත් විරුද්ද වෙන්න් එපැයි. ඒව නියමනය කරනවටත් මෙයාල විරුද්දයි. ටැක්ස් වලට අහු වෙන නිසා.මෙයල කුහකයො නෙවේනම් ඉල්ලන්න ඔනි පුද්ගලික වෛද්‍යවිද්‍යාල එපා කියල නෙවේ. ආරම්භ කරන ඔනිම පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් නිසි ප්‍රමිතියට ආරම්භ කරන්න කියන එකයි වෙන්න ඔනි. ඒකට සහයොගය දක්වන එකයි වෙන්න ඔනි. මෙයල නිකන් ඉගෙන ගෙන. වෙන එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැතුව. උපධිය ගත්තට පස්සෙ හැමොටම හොරෙන් රටින් පනින එකනෙ කරන්නෙ. මේ වගෙ අයට ඔහොම ගහල මදි. ශිෂ්‍ය භාවය අහොසි කරන්න පනතක් ගේන්න ඔනි.
රණ දෙරණේ ගිණිඅවි ගත් යුද සෙබළුනි, අසනු මැනවි.. වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජනපිරිසයි.. යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව.. වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගන්න.. ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු.. බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරු.. වැටුපට මිනීමරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු... අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු.. මානන ගිණිදණ්ඩ තුළින් පෙනෙන තරුණ පපුකුහරය.. අදම කැලතකට අද වින නහර පිනන රස අහරය.. උන්ගේ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය.. පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය..
මේ පිනාධිපති සහ ඔහුගේ නූගත් දඩ බල්ලන් කුරිරු ලෙස මේ මැඩපවත්වන්නේ ජාතියේ හෘද සාක්ෂියයි