(රංජන් කස්තුරි)
ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.
සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.
එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමනි, ඔය නාරිවේද වෛද්‍ය ක්‍රම ගැන මේ සමහර දේශපාලකයන් කතා කරනවා. ඔය දොස්තරට ඔය වන්ධ්‍යාකරණය ඔය විදියට කරන්න බැහැලු. කරුණාකර ඔබතුමාට පුළුවන්ද ඔය අඳ බාලයින්ට නාරිවේද වෛද්‍ය ක්‍රම ගැන පොඩි දේශනයක් කරන්න?
මෙහෙම කරනකොට ශල්‍යාගාරයේ ළඟ සිටින අනෙකුත් කාර්ය මණ්ඩලයට තේරෙන්නේ නැද්ද ? දැන් බලන් යනකොට අපේ මී ආච්චිගේ කාලයේ වගේ ගෙදරට වින්නඹු අම්මලා ගෙන්නලා මේ කටයුතු කරගන්න කියලාද කියන්නේ. පැලෝපීය නාලය නෙවෙයි ලංකාවේ කාන්තාවන්ගේ මද සරු භාවය මෑත කාලයේ ඉතාම ඉහලයි. තමන්ගේම දරුවෙකු හදා ගන්න ප්‍රතිකාර ගන්න නම් ගෙවල් දොරවල් විකුනන්න වෙනවා. දරුවෙකු නොලැබෙන්න පැලෝපීය නාලය අවහිර කරන්නම අවශ්‍ය නැහැ. සිංහල කාන්තාවන් උසස් අධ්‍යාපනය , රැකියා උසස් වීම් වගේ දේවල් නිසා වයස්ගත වෙනකම් දරුවන් හැදීම පමා කරනවා. ඊළඟට ආතතියෙන් දරුවකු ස්වාභවික ලෙස හදා ගන්න අමාරුයි. දැන්වත් මේ කාරනා ගැන අපේ තරුණියන් දැනුවත් කල යුතුයි. මට දරුවන් තුන් දෙනෙකු සිටිනවා කියා සමහරු සිනා වුනා. දැන් පේනවා නේද සිදුවෙන දේවල් ?
ඔබතුමා මෙය පහදා දීම ගැන බොහොම පින්... මෙහෙම කරන්න බැහැ කියලා මතයක් සමාජගත කරන්න දත් දොස්තර ඇතුළු කිහිප දෙනෙක් විශාල ප්රයත්නයක් දරනවා.
සමහර මව්වරුන් ස්වභාවික ක්‍රමයට දරුවන් ලැබීමට ඇති අකමැත්ත මෙවැනි ක්‍රියාවන්ට හේතුවිය හැකි බව සිතේ. මව්වරුන් සිසේරියන් සැත්කම්වලට යොමුවීමේ අවධානම පේනවානේද.
මේ සිද්දිය සියලුම වෛද්‍යවරුන්ගේ ක්‍රියාවන් පරික්ෂා කිරීමට හොඳ අවස්ථාවක් සැත්කමින් පසු දරුවන් නොලැබූ සෑම මවක්ම අදාල වෛද්‍යවරයාට විරුද්දව පැමිණිලි කිරීමෙන් මව්වරුන්ගේ ආරක්ෂාව තහවරු කරගත හැකි
ඔය කාරණය දත් දොස්තරට උගන්වන්නේ කොහොමද ?
සෞඛ්‍ය ඇමති තුමාට අනුවනම් ඔය කියන වෛද්‍යවරයා එවැන්නක් කර නැත. පත්තර කාරයෝ බොරු කියති.
ඔබ තුමාගේ ප්‍රකාශය ත්‍යයක් විය යුතුයි. නමුත් එය අවශ්‍යතාවය මත සිදුවිය යුතු බව මාගේ හැඟීමයි. මෙය හිතාමතාම එම මව්වරුන් වඳභාවයට පත් කරන්නේ නම් වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට ගැලපෙන්නේ ද?
ඒත් අනුර කුමාර මහතාට අනුව නම් එහෙම කරන්න බැරිලු.
මොන ආගමක, ජාතියක මනුස්සයෙක් හෝ මෙවැනි අපරාධයක් කර ඇත්නම් ඔහු/ඇය වෛද්‍ය සේවයට නිගරු කරන්නෙක්ම වෙයි. තවදුරටත් මැති ඇමති වරුන් මොවුනට සුදු හුණු ගෑම රටේ අභග්යක්ම වෙයි.
මේ පිලිබඳ විශේෂඥයෝ මෙහෙම කියද්දී ආණ්ඩුවට කඩේ යන කට්ටිය කියනවා මේහෙම දේවල් සිදු වුනේ නැහැ සිදුවෙන්න බැහැ කියලා. මේ පිලිබඳ පරීක්ෂාවක් ස්වාදීන විශේෂඥයෝ විසින් කල යුතුව තිබෙනවා. එහෙම නැතිව තේරීම් කාරක සබාවලට සහ ඇමති පත් කරන කමිටු ගැන නම් අපේ විශ්වාසයක් නැහැ.
අනුර කුමාර දිසානායක මොනව කියාවිද දන්නේ නැහැ
ආණ්ඩු පක්ෂය සුදු හුණු ගැවට දැන් ඇත්ත එලි වෙමින් පවතිනවා ඇත්තටම මේ මොන අපරාදයක්ද? සහජීවනෙට ජය වේවා
මේ පිලිබදව තතු දන්නා මහත්මයන් කරුණ කර මෙය අදිකරණයට පැහැදිලි කර මේ මහා අපරාදය කල පුත්ගලයට දැඩි නීතිමය පියවර ගැනීමට සහය දෙන්න දේසපාලන වාසි තකා රජය හෝ විපක්ෂයයි කියාගන්න සියලු දෙනාම ඇත්ත ඇති හැටියට එලි දක්වා නීතිය ක්රියාවේ නොයෝදයි ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා වැනි උගත් මහතුන්ගේ අදාරය උපකාරය සිංහල ජනතාවට අවැසි අවස්ථාව මෙය බව සලකන්න.
මේකට කිසිම ප්‍රතිචාරයක් නැනේ.
අනුර දිසානායකට මේවා තේරෙන්නේ නැහැ නෙමේ කියන එක ලක්ෂ පහක විමුක්තිකාමී ජනතාවට අවබෝධ වේවා
මනුෂ්‍යත්වයට නොගැළපෙන මේ ක්‍රියාවට ලක් වූ සියලුම මවුවරුන් වහාම පරීක්ෂණයකට ලක් කර ,කර ඇති තිරිසන් ක්‍රියාව තහවුරු කර නිවැරදි කළ හැකිනම් කල් නොයවා එය කිරීම ගෞරවණීය අපගේ වෛද්‍යවරුන්ගේ ජාතික වගකීමකි.
ඇමතිතුමා පවා කිව්වා දොස්තර නිවැරදි බව
හරි එහෙම කරනවා කියමුකෝ නමුත් එහෙම කලා කියලා ඔය අම්මලා එක්කෙනෙක්ටවත් කියලා තියෙනවද ? ඒ වගේම අන්තවාදී අදහසින් මේ දොස්තර හැමෝටම ඕක කලා වෙන්නත් පුළුවන්. නමුත් බුද්දිමත් ඒ වගේම රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල දන්නා ජනතාව දන්නවා.
උගත් මේ වෛද්‍යවරයා කියන කරනවා පැහැදිලි උනාට කිසිවක් නොදන්නා දේශපාලන නුගත්තු කියන කතා ඕනේ වෙලා තියෙන්නේ මොනවා උනත් ඡන්ද ටික විතරයි.
මම ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකු වන අතර වසර තිස් අටක එංගලන්තයේ සේවය කරමි. මහාචාර්ය හේමන්ත දොඩම්පහල ගේ අදහසට සහමුලින්ම එකඟ වෙමි. මේ බව මම දින දෙකකට පෙර මුහුණු පොතේ සටහනක් තැබීමි.
මහාචාර්ය තුමාගේ අදහස සහමුලින්ම පිලිගනිමි
මේ ගැන රජයේ වෛද්‍ය සංගම් කට හොල්ලන්නේවත් නැහැනේ? මොකද, දත කට පුට්ටු වෙලා වත්ද?
මේ සුදානම් වීම තමයි ඥානසාර හිමි සහ අමිත් වීරසිංහලා අවරුදු ගානක් දැනුවත් කෙරුවේ ඇහුවේ නැ. දැන් ප්‍රමාදයි
කවුරු කිව්වත් අපි මේක පිළිගන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වැඩ කරන්න බැහැ.
දරුවෙකු ලැබීමට විවාහක යුවලකගේ අපේක්ෂාවක් වන අතර ඇතැම්විට දරුවන් කිහිප දෙනෙකු ලැබීමටත්.., වැඩිමහළු දරුවන් පිරිමි දරුවන් නම් ගැහැණු දරුවකු ලැබීමටත්, වැඩිමහළු දරුවන් දියණියන් නම් පිරිමි දරුවකු ලැබීමත්, විවාහක යුවලකගේත් දෙපාර්ශවයේම නෑදෑයින්ගේත් සමස්තයක් වශයෙන් පොදු සමාජයේත් අරමුණකි. මන්ද යත් රජයේ තැනුම් ඒකකය පවුල වන හෙයිනි. ඒ අනුව පවුල් එ්කක සාමූහිකව විනාශ කිරීමට යමෙක් දැරූ උත්සහයක් රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකීමටද, හැකියාවක් ඇති බව මගේ තර්කයයි. එසේම වෙනත් ජනවර්ගයක සාමාජිකයෙක් තවත් ජනවර්ගයක සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාකිරීමද නීති විරෝධී ක්‍රියාවකි. මේ සියල්ලටමත් පෙර වෘත්තීය ආචාර ධර්ම සම්බන්ධව විද්‍යා සභාව මේ ගැන පරීක්ෂණයක් කිරීම කළ යුතුය.
"ඔය කාරණය දත් දොස්තරට උගන්වන්නේ කොහොමද ?"
සෑම මවකටම තම දෙවන දරැවා ලැබීමත් සමග අනිවාර්යය ඒල් ආර් ටී ඒකක් කරන ඒක සාමාන්‍යයෙන් සියලුම වෛද්‍යවරුන් විසින් කරමින් සිටී. ඒහෙනම් දැන් මේ සියලුම නාරි ෙවෙද්‍යවරුන් මේ උගුලට අහුවෙයිද?