IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍යවරියකට අතවර කළැයි වෛද්‍යවරයා අත්අඩංගුවට

(බණ්ඩාර ජයරත්න)

අරණායක දිසා රෝහලේ සේවය නිරතව සිටි සිය 28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ නිරතව සිටියදි බලහත්කාරයෙන් ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  එම රෝහලේ වෛද්‍යවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක දිසා රෝහලේ සේවයේ නිරතව සිටිබව කියන 45 හැවිරිදි විවාහක වෛද්‍ය වරයෙකු බවද පොලිසිය පැවසීය .

වෛද්‍යවරිය‌ගේ පියා කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. වෛද්‍යවරිය වෙනත් රෝහලක සිට ස්ථාන මාරුවක් ලබා ඉකුත් 05 දින අරණායක දිසා රෝහලේ සේවය සඳහා පැමිණ ඇතිබවද සඳහන්ය.

සිද්ධිය සම්බන්යෙන් අතවරයට ලක්වූ වෛද්‍ය වරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියෙ නිරතව සිටි පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතිබවද සඳහන් වන අතර සිද්ධියට මුහුණු දුන් වෛද්‍ය වරිය කෑගල්ල ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

 



අදහස් (7)

වෛද්‍යවරියකට අතවර කළැයි වෛද්‍යවරයා අත්අඩංගුවට

අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 10:24 AM

ගොමාට හොද අවස්ථාවක්. අත් අඩංගුවට පත් තම සමාජිකයා වහා නිදහස් කරන්න කියලා වැඩ වර්ජනයක් පටන් ගන්න.

:       13       39

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 08 February 2024 10:56 AM

45 හැවිරිදි දොස්තරගෙන් කාන්තා ලෙඩ්ඩුන්ට කොහොම අතවර වෙන්න ඇද්ද මෙයාගේ දොස්තර කම නැති කරන්න ඕනේ

:       2       46

Nimal Thursday, 08 February 2024 11:42 AM

Arawinda Monadawila, තමන්ට දොස්තර වෙන්න බැරි උනා කියලා අනුන්ට ඉරිසියා කරන්න එපා.ලංකාවේ වැඩි දෙනෙක්ට තියෙන්නේ ඔය මානසිකත්වය තමයි .තමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ .අනුන්ගේ මගුල් හොයන එක තමා වැඩේ

:       23       14

pakeer Thursday, 08 February 2024 12:16 PM

මගේ පන්තියේ හිටියා ජීව විද්‍යාව ගහන්න පුටුව උස්සපු යාලුවෙක් .එයා දැන් ඉන්නේ ජාතික රෝහලේ .ඕවා ඔහොම තමයි .වෘර්තිය මොකා උනත් මිනිස්සු මිනිස්සුමයි .වෘර්තියෙන් මිනිස්සු මනින්න බැහැ .උගත්කමෙන් මිනිස්සු මනින්න බැහැ .මනුසත්කම තියෙන්නේ ක්‍රියාවේ

:       2       18

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 08 February 2024 12:36 PM

තමන්ගේ වැඩේ කියන්නේ කාන්තා දොස්තරවරියන් ව දූෂණය කරන එකද? කවුද මේ මෝඩයා

:       1       8

Aravinda Monarawila Thursday, 08 February 2024 12:54 PM

මම දොස්තර කෙනෙක් වෙන්න උත්සහ කෙරුවා කියලා කවුද ඔයාට කිවුව්වෙ ඔයාගෙ අවබෝදය හා දැනුමෙ තරම අපිට පෙන්වන්න මහන්සි වෙන්න එපා දැන් ඔයත් කරලා තියෙන්නෙ එකනෙ එතකොට අවුලක් නැද්ද ?

:       4       11

manjula Thursday, 08 February 2024 01:01 PM

ඉතින් වෛද්‍යවරියට තිබුනා නේද අතවර කරන්න ඉස්සෙල්ලා ඒ ගැන විරෝධය දක්වන්න

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site