(යොහාන් භාසුර)
මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය මුදල් දීමට කටයුතු කර නොමැති බවත් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර අදාල ගැටලුව විසදාගන්නා තෙක් වැඩි කළ රුපියල් 35,000 ක ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව අත්හිටුවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කරමින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, හෙට ඉඳලා එයාලා වර්ජනේ...!
ඒකට උද්ඝෝෂණ කරලා තමන්ට ගාණ වැඩි වුණාම වැඩේ හොඳයි. අනික් අයට නැතත් කමක් නැහැ කියලා හිටිය එකේ ප්‍රතිඵලය... අනෙක් අයටත් කීයක් දෙන එක සාධාරණයි කිව්වා නම් නේද හොඳ...? දැන් ඔක්කෝටම ටිකට් එක ඇදුණා නේද?
හරි... ඉතිරි දොස්තරලාත් රට.. සුපිරියි...!
මේවා දෙනවා කියනකොට සල්ලි තියෙනවද බලන්නේ නැද්ද? කවුද මේ රට පාලනය කරන්නේ..?
හොඳ වැඩේ ! ඕකුන්ට ඔහොම වෙන්නම ඕනෑ... ටයිකාරයින්ට කෙළ වේවා...!
මරි මෝඩ රැළක් වෘත්තිය වේදීන්ගේ වැටුප් තීරණය කරන ඔලමොට්ටල රට...