
(ජේ.ඉඳුරුවගේ)
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සඳහන් 17 වන වගන්තිය 2022 දෙසැම්බර් මස 12 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් අවසන් වරට කළ සංශෝධනය කර තිබිණි.එම වගන්තිය තව දුරටත් සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා විසින් පෙරේදා (20)දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණි .
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
මෙම විධිවිධාන 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා විශාල ජනමතයක් ගොඩනගනවා ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ. හිඟාකෑවත් මීට වඩා හොයන්න පුළුවන් රට ගියා නම්... ලක්ෂ 20ක් ලැබෙනවා වගේ කතා කියලා. ඒ වෙනුවෙන් මාධ්‍ය හමු පවා තිබ්බා. නමුත් මම මෙතැන මතුකරණ කාරණය වන්නේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු දොස්තරලා පිරිසක්ම තමයි ඔවුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා නඩු දාන්න ගියේ. එසේ නම් විචක්ශණශීලීව බැලුවොත් පේනවා මොන කතා කිව්වත් ඔවුන්ට ඔය වැටුප ලංකාවේ වෙනත් වෘත්තීන් සමග බැලුවොත් විශාල වැටුපක්. අවමය ලක්ෂ දෙක හමාරක්. මහ බැංකුවේ හැර පූර්ණ රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ 80,000 පමණ උපරිම වැටුපක්. වෙනත් සේවාවල මාණ්ඩලික නිලධාරීන්, රැකියාවට යන එක තමාට පාඩුයි කියලා ඉල්ලා අස්වෙනවා. හෙදියන් දහස් ගාණක් රට හැර ගිහින්. මම දැක්කා ඉංජිනේරුවෝ 5000 ට වඩා පිරිසක් පසුගිය අවුරුද්දේ රටින් ගිහින් කියලා. ඇත්තම තත්වය දොස්තරලාට රාජ්‍ය සේවයේ ඉන්න විට, ඉහළ වැටුපක්, වාහන පර්මිට්, ළමයි ජනප්‍රිය පාසල් වලට දාන්න, වාහන රක්ෂණ සඳහා විශාල මිල අඩු කිරීම් වැනි අති විශාල වරප්‍රසාද ලැබෙනවා. එක පැත්තකින් පඩිය මදි කියලා මාධ්‍ය හමු තියන ගමන් අනිත් පැත්තෙන් විශ්‍රාම වයස වැඩි කරගන්න නඩුදානවා...