IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි

(ජේ.ඉඳුරුවගේ)

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත්  කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.   

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සඳහන්  17 වන වගන්තිය    2022 දෙසැම්බර් මස 12 දාතමින් නිකුත් කළ අති විශේෂ  ගැසට් නිවේදනයකින් අවසන් වරට කළ  සංශෝධනය කර තිබිණි.එම වගන්තිය  තව දුරටත් සංශෝධනය   කරමින්  රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා විසින් පෙරේදා (20)දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණි .

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව මෙම  ගැසට් නිවේදනයේ සඳහන්වේ. 

මෙම  විධිවිධාන 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ.

 

 

 



අදහස් (2)

වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි

අලහකෝන් Sunday, 22 December 2024 05:07 PM

ලංකාවේ දොස්තරලා විශාල ජනමතයක් ගොඩනගනවා ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ. හිඟාකෑවත් මීට වඩා හොයන්න පුළුවන් රට ගියා නම්... ලක්ෂ 20ක් ලැබෙනවා වගේ කතා කියලා. ඒ වෙනුවෙන් මාධ්‍ය හමු පවා තිබ්බා. නමුත් මම මෙතැන මතුකරණ කාරණය වන්නේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු දොස්තරලා පිරිසක්ම තමයි ඔවුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා නඩු දාන්න ගියේ. එසේ නම් විචක්ශණශීලීව බැලුවොත් පේනවා මොන කතා කිව්වත් ඔවුන්ට ඔය වැටුප ලංකාවේ වෙනත් වෘත්තීන් සමග බැලුවොත් විශාල වැටුපක්. අවමය ලක්ෂ දෙක හමාරක්. මහ බැංකුවේ හැර පූර්ණ රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ 80,000 පමණ උපරිම වැටුපක්. වෙනත් සේවාවල මාණ්ඩලික නිලධාරීන්, රැකියාවට යන එක තමාට පාඩුයි කියලා ඉල්ලා අස්වෙනවා. හෙදියන් දහස් ගාණක් රට හැර ගිහින්. මම දැක්කා ඉංජිනේරුවෝ 5000 ට වඩා පිරිසක් පසුගිය අවුරුද්දේ රටින් ගිහින් කියලා. ඇත්තම තත්වය දොස්තරලාට රාජ්‍ය සේවයේ ඉන්න විට, ඉහළ වැටුපක්, වාහන පර්මිට්, ළමයි ජනප්‍රිය පාසල් වලට දාන්න, වාහන රක්ෂණ සඳහා විශාල මිල අඩු කිරීම් වැනි අති විශාල වරප්‍රසාද ලැබෙනවා. එක පැත්තකින් පඩිය මදි කියලා මාධ්‍ය හමු තියන ගමන් අනිත් පැත්තෙන් විශ්‍රාම වයස වැඩි කරගන්න නඩුදානවා...

:       7       11

ලක්විදුMonday, 23 December 2024 09:44 AM

අලහකෝන් මහත්තයා, රජය දොස්තරලගේ විශ්‍රාම වයස වැඩි කරන්නේ එයාලා ඉල්ලපු නිසාම නෙවෙයි. දැනට ලංකාවේ ඉතා විශාල දොස්තර හිඟයක් පවතින නිසා. මේ තියෙන උග්‍ර විශේෂඥ සහ සාමාන්‍ය දොස්තර හිඟය අස්සේ දැං ඉන්න දොස්තර ටිකත් 60න් විශ්‍රාම යැව්වොත් කොහොමද ඹයා ඒ අඩුව පුරවන්නෙ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site