(රන්ජන් කස්තුරි)
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු කීපයක් මුල්කර ගනිමින් ලබන සඳුදා (19) සිට සතියක් පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, නුසුදුස්සන්ට පත්වීම් දියහැකි පරිදී වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම, නව පනතක් හරහා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය ස්ථානමාරු පටිපාටිය උල්ලංඝනය කිරීම යන කරුණු මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද සටන පටන්ගන්න වගේ හදන්නේ. වර්ජනෙන් ලක්ෂ කීයකගේ ජීවිත නැති කරන්නද බලාපොරොත්තුව?
දොස්තර මහත්වරුන්ගේ වැඩවලින් අන්තිමට බැටකන්නේ රෝගීන් තමයි. දුප්පත් කමත් වලිගය නැති ගොනාවාගේ කියන්නේ බොරුවට නොවේ...
වෛද්‍යවරුන් වර්ජනය කරන වෙන කිසිම රටක් ලෝකයේ නැතැයි UN සාමාජික රටවල 196 අතරම දන්න පරිදි.. ලෝකයම අප සාරධර්මයන් ගැන කෙලෙස සිතයිද?
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, නුසුදුස්සන්ට පත්වීම් දියහැකි පරිදී වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම, නව පනතක් හරහා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය ස්ථානමාරු පටිපාටිය උල්ලංඝනය කිරීම යන කරුණු මුල්කරගනිමින් අහිංසක මිනිසුන් තලා පෙලා කරනු ලබන මෙම වර්ජනය සහ වෙනත් වර්ජන වර්තමාන රජය යටතේ ක්‍රියාත්මක කිරමට උනන්දුවක් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය රජය කාලයේ සිටියේ කොහිද ? නොඑසේනම් පසුගිය රජය කාලයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයක් පිහිටුවා තිබුනේ නැතිද ? සියලුම ප්‍රශ්න මතුවුයේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය යලි පිහිටවූ නිසා නොවේද ?
උගත් යයි කිව්වට අනේ මන්දා රාත්තලම තමයි ඉල්ලන්නේ අවුන්සයක් වත් අඩු වෙන්න නම් බැහැ, හැබැයි මේගොල්ලන්ගේ පැත්තෙන් තම යුතුකම 100% වෙනවද කියල කීදෙනෙක් කියයිද? අහිංසක මිනිසුන්ගෙන් ගුටිකන දින නම් අතලග වගේ පෙන්නේ. ඔයාලත් අපි වගේම අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් නිකන් ඉගෙනගත් අය නේද? දිව්‍යලෝකේ ගිහින් දොස්තර විභාගේ ඉගෙනගෙන ඇවිල්ලා නැහැ නේද? අප මොවුනට අපහස කරනවා නොවේ ටිකක් සොයා බලන්න අපේ රටේ විතරයි මේ හැමෝටම දොස්තර කියල ආමන්ත්‍රණය කරන්නේ. වෙන රටවල වෛද්‍ය විද්‍යාවේ කෙල පැමිණි අයට තමයි දොස්තර කියන්නේ. අප කිසිවෙකුට අපහාස කරනවා නොව. එමෙන්ම අවංක නිහතමානි ඉතාම සංවර, කාරුණික වෛද්‍යවරු මේ දඩාවතේ යන අය අතරේ නැතුවාම නොව අප සැමවිටම එම මහත්මා ගතිපැවතුම් ඇති උතුම් මිනිසුන්ට හදවතින්ම අසිර්වාද කරන්නෙමු.
මාලඹේට විරුද්ධව සටන් කරනකොට අපිත් හිතුවා අනේ අපට හොඳ රෝහල් සේවයක් දෙන්නනේ මේ නහින්නේ කියලා. දැන් මාලඹේට යන අය දන්නවා ඇති ඒකත් නිකම්ම නිකම් ලෙඩ්ඩු බැනුම් අහන තව රෝහලක් විතරයි කියල. කොහොමත් දැන් ඉතින් කට්ටිය ලෑස්ති වෙන්නේ නම් අපේ මිනිහ දිනවන්න නේ. එක හින්ද කවුරුත් ඉවසයි කියල හිතනවත් ඇතිනේ.
රජයේ සෑම සේවකයෙකුම පැය 8 ක සේවා කාලයක් සම්පුර්ණ කල යුතුයි. එහෙනම් මේ රජයේ වෛද්‍යවරුන් එහෙම කරනවාද ? අපි කියනවා මොවුන්ට බබාලා අඩනකොට වඩාගෙන නලවන්නේ නැතිව පැය 8 ක සේවා මුරය ජනතාව සඳහා නීතිගත කරන්න කියා.
මෙයාල බැලුවොත් ඇත්නම් වැඩ වර්ජන මේවා කරන්නේ අපිට ආදරේට නම් නෙමෙයි. වගකීමෙන් කියන්නේ 99% විශේෂඥ රජයේ රෝහල්වල වැඩට එන්නේ සතියට එක දවසයි, ඒකත් පැය දෙකයි. අනිත් දවස්වල පෞද්ගලික ඉස්පිරිතාල වල වැඩ. කොළඹ මහා රෝහලේ අසූව වාට්ටුවේ දොස්තර එන්නෙත් බදාදා උදේට විතරයි.
දොස්තර මහත්වරුන්ගේ වැඩවලින් අසාධාරණයක් වෙන කොට වර්ජනය කරන්නේ රෝගීන්ද?
දොස්තරලාට වැඩවර්ජනය කිරීමේ ශ්‍රී ලංකා නීතියේ ප්‍රතිපාදන තියෙනවාද? ප්‍රතිපාදන ඇත්නම් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන අයුරු වැඩවර්ජනය කරන හැටි මෙයාලට කියලා දෙන්නකෝ.
දොස්තරලා වෙන්න ඉගෙන ගන්නේ නිදහස් අධ්‍යාපනයෙන් නෙමෙයි . පෞද්ගලික අංශයේ වැඩ කරන අය ගෙවන බදු මුදල් සහ අනිකුත් සේවාවන් වලට රටේ සියලු ජනතාව ගෙවන බදු මුදල් වලින් . එතකොට ආපහු ප්‍රයිවට් ප්‍රැක්ටිස් කියලා මුදලට වෙදකම විකුනන්නෙත් ඒ බදු ගෙවපු දුප්පත් මිනිසුන්ටම තමයි . ඒ තමයි මෙයාලා කරන පළවෙනි වංචාව . දෙක රාජකාරි වෙලාවේ පෞද්ගලික සේවයේ යෙදෙන එක .එ්ක රටේ පරසිදු සිදුවීමක් . තුන අපේ බදු මුදල් වලින් ඉගෙනගෙන රජයේ සේවයෙන් අයින් වෙලා පෞද්ගලික රෝහල් වල පුර්ණ කාලීනව මුදල් සෙවීමේ යෙදෙන එක . එ්ක ජාතික අපරාධයක් .හතර විදේශගත වෙන එක . එහෙම ඉගෙන ඒ රටවල් වල කරපු සේවාවන් කියලා පුරසාරම් කියන්නත් එනවා . අපිත් අහගෙන ඉන්නවා . පහ රජයේ සේවයේ ඉන්න ගමන් පෞද්ගලික රෝහල් වල විශේෂ සායන වලට රෝගීන් ව යොමු කරවන එක. තව කියන්න පුළුවන් . මේගොල්ලන්ට උඩින් මැස්සෙක් ගියත් ලස්සනට ස්ට්‍රයික් කරනවා . දෙවිවරු වගේ අය අතලොස්සක් ඉන්නවා . ඒ අය කරුණාකරලා මේ කතාව භාර ගැනීමෙන් වලකින්න . මේ "ඔබ " ගැන නොවේ .
අසරණ රෝගීන් තලා පෙළන වෛද්‍ය සංගමයට එරෙහිව දැඩි පියවර ගැනීමට කොන්ද පන ඇති නායකයෙක් නැද්ද?
කොන්දේසි විරහිතව රාජපක්ෂවරුන්ට කඩේ යාම පටන් ගන්නා බව කෙලින්ම කීවා නම් මීට වඩා නම්බුකාරයි.
දේශපාලන අතකොලු ....
ටික දවසක් යනකොට මොකක් හරි ප්‍රශ්නයක් ඇදගෙන වර්ජනය කර රෝගීන් අමාරුවේ දැමීම මොවුන්ගේ චේතනාවයි. වෛද්‍යවරු වැඩවර්ජනය කිරීම මිනිසත්කමට නිගාවකි. වැඩවර්ජන නවත්වන ප්රපත්තිමය තීන්දුවක් රජය විසින් ගත යුතුයි. කොහෙද රජයට ඒකවත් කරන්න කොන්දක් නැහැනේ.
ආණ්ඩුවට තග දාන්න තව කල් වැඩි නැද්ද දොස්තර මහත්තයෝ? ඊයේ අධිකරණ ඇමතිනිය එජාප ඉදිරිපෙළ ක්‍රියාකාරීන් පිරිසකට මෙහෙම කියලා තියෙනවා "2019 වසරේදී කිසිසේත්ම ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන හෙයින් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කා කොටා ගැනීම කිසිම තේරුමක් නැති දෙයක්. මැතිවරණයක් නෑ. නිකම් බොරුවට අරයාටයි මෙයාටයි කියලා කල්ලි බෙදිලා රණ්ඩු කරගෙන පක්ෂය කඩාගන්න එකේ තේරුමක් නෑ. මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න එපා. මම මේවා කටට එනවට කියන දේවල් නෙවෙයි. මං බයිලා ගහනවාත් නෙවෙයි. මම මේ රටේ අධිකරණ ඇමති. හැබැයි මං දන්න දේවල් මට හෙළිකරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒනිසා මාව විශ්වාස කරන්න. මේ ඡන්දය තියෙන්නේ 2020 මැයි 15 වෙනිදා වෙද්දී. ජනාධිපතිවරණය ළඟ ළඟ එනවා නම් වැඩියෙන්ම නටන්න ඕනෙ ජනාධිපතිතුමායි. එතුමාට තමයි ජනාධිපතිවරණෙන් එයාගේ බලය නැතිවෙලා වෙන්න ඕනේ ඔක්කොම වෙන්නේ. ඒත් එයා මොකුත්ම කියනවද? නෑනේ? ජනාධිපතිතුමා මෙච්චර කූල් එකේ ඉන්නේ ඇයි කියලවත් හිතලා බලන්න. එතකොට තේරෙයි. " ඉතින් ඇය කියන මේ කතාව ඇත්ත නම් ඔය වැඩේට තවකල් තියෙනවා...
තම නැණ පමණ අනුව, මතුපිට පමණක් අතපතගා, ලංකාවේ දොස්තර මාෆියා කල්ලියට ආවැඩූ අයගෙන් මට නම් අහන්න තිබෙන්නේ, දැන් සැපද? කියලයි. දැන් ඉතින්, නාහෙන් අඬලා පලක් නැහැ. අසනීපයක්, අමාරුවක් තිබේ නම්, පෞද්ගලික රෝහල තුළදී, ඉතාම කාරුණික මාෆියා කල්ලියේ දොස්තර මහත්තුරුන්ගෙන් මුදල් ගෙවා බෙහෙත් ගන්න. අනික මොලයට දැනෙන යමක් සිදු වුණාම තමයි මොලයේ ක්‍රියාකාරීත්වය වුණත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ...
රජයෙන් මේ මාෆියාව නවත්තන්න මොනවත් කරන්නේ නැත්නම්, ජනතාව හැටියට අපි අපේ යුතුකම කරමු. මේ ලඟදී අායෙත් අලුත් වාහන පර්මිට් දීලත් තිබුණා. කිසිම සෑහීමක් නැති අපතයින්... සල්ලි වලටම මැරෙන, දොස්තර රස්සාව හරියට කරන්නේ නැති දොස්තරලාගේ බෙහෙත් කඩවලට අපි 'වග කියමු'. මේක තමයි දැන් කරන්න ඉතුරුවෙලා තියෙන එකම දෙය..
මෙයාලා වෛද්‍ය වෘත්තියෙහි ගෞරවයත් නැති කර ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවා වෙනුවට දේශපාලනය කරන රජයේ වෛද්‍යවරු කියා දුප්පතුන් ඇතුළු මහජනතාවගෙන් රජය ගන්නා බදුවලින් පඩිලබන රටට බරක් වූ පව්කාරයින් ටිකක්. වෛද්‍යවරුන්ටත් පොලිසි හමුදාවලටවගේ දේශපාලන හා වෘත්තිය සමිති වැඩ තහනම් නීති පැනවිය යුතුයි. සාත්තු සේවක, වින්නඹු සේවක, ඇතුළු සියලුම වෛද්‍ය සේවකයින්ටද දේශපාලනය හා වෘත්තීය සමිති පැවැත්වීම තහනම් කළ යුතුය. මොවුන් මෙසේ වැඩවර්ජනවලට යොමු කරන අයට හතර අපාගත වෙන්නටම සිදුවන්නේ ලෙඩුන්ට නොමිලේ ගන්න තියන බෙහෙත් වේල ගන්න තිබුණු අවස්ථාව නැතිකර වෛද්‍ය සේවකයින්ගේ කරුණාබර හිත වෙනුවට මෙවන් කුරිරු හිත් ඇති මුදල් පදනම මත ක්‍රියාකරන අපතයින් බවට මොවුන්ව පත්කර ඇති නිසායි.
රජයේ රෝහල්වල ඉන්න දොස්තරලා සතියක්ම පුද්ගලික සේවයේ යෙදෙන්නෙත් නැතිව ලෙඩුන්ගේ ලෙඩ හොඳ වෙන්න කියල භාවනා කරනවලු. ගෝටත් බණ කියනවලු...