(රංජන් කස්තුරි)
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ අභියාචනා මේ මස 28 වැනි දින දක්වා බාරගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2019 සහ 2020 වසරවල උසස්පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගන්න අතර එම සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් සිසුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකිය.
උසස් පෙළ විභාගයට පෙනීසිටි වර්ෂය නව නිර්දේශය, පැරණි නිර්දේෂය ද යන වග අභියාචනා කිරීමට හේතුව, අයඳුම්කරුවන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය ඇතුළත් තොරතුරු අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාපීඨ) විද්‍යාපීඨ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට එම අභියාචනා ඉදිරිපත් කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd