
(යොහාන් භාසුර)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ හෝමාගම රෝහල පෞද්ගලික උපාධි ආයතනයකට පැවරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ඇති තීරණයට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් පැවැත්වීය.
“ජපුර වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල යෝජිත එන්එස්බීඑම් වෙද උපාධි කඩයට විකිණිමේ කැබිනට් තීරණය වාහා හකුළා ගනු” ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එහිදී විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගත්තාට කුහකකම නැතිවෙලා නෑ!!! දොස්තර වුණත් වැඩක් නෑ ඔච්චර කුහක නම්!!!
කඳුළු ගෑස්, ජල ප්‍රහාර මග එනවෝ. දැම්ම දුවන්න...
පිනට ඉගෙනගන්න අයට වඩා මුදලට ඉගෙනගන්න අය රටට සේවය කරයි. ඒ නිසා ඔය විරෝධතා ගනන් ගතයුතු නෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හිතාගෙන ඇති රටේ සියලු අධ්‍යාපන අවස්ථා ඒ අයට විතරක් සීමා කරගන්න. ඒත් රට පවත්වාගෙන යන්නේ බහුතරය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලත් අය...
රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගන්න ඔබලාට විතරද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ... මේ නරුම රැලද අනාගත දොස්තරලා වෙන්නේ...? මොවුන් දැන්ම ඉඳලාම සැලසුම් කරන්නේ වෛද්‍ය ඒකාධිකාරයක් හදාගෙන මහජනතාවගේ මුදල් කොල්ල කෑමටයි. ඇයි ඔබලාට බැරි පෞද්ගලික රෝහල්වලට විරුද්ධව උද්ගෝෂණය කරන්න... පෞද්ගලික රෝහල් වලින් රෝගීන්ගෙන් මොනතරම් මුදලක් ගසා කනවාද...? ඔබලා හිතාගෙන ඉන්නේ දොස්තර පට්ටම ගහගත්තාට පස්සේ, ආණ්ඩුවෙන් පිනට පඩිය අරගෙන පෞද්ගලික රෝහලේ සේවය කරලා අසරණ රෝගීන්ගෙන් මුදල් මංකොල්ල කන්න නේද...? උඹලා මේ රටේ දොස්තරලා වුණාට වගතුවක් හෝ සුන්දර ජීවිතයක් ලැබෙන්නේ නැහැ කවදාවත්... පිටරටක රෝහල් පවිත්‍රා කරන්නෙකුගේ ජීවිතය තරම් වත් ඔබලාගේ ජීවිත සුන්දර වන්නේ නැහැ... බලුකම් අත්හැරලා මනුස්සයෝ වගේ ජීවත් වෙන්න. නැත්නම් ඉතින් ඔබලාගේ ජීවිතයම ශාපයක් තමයි.
රටේ ආයතන මොවුන්ට අයිති දේවල් නෙවෙයි. වෛද්‍ය උපාධි ගන්න සෑම ළමයෙකුටම අයිතියක් තියෙනවා. මොවුන් උපාධි ගත්ත ගමන් දඟලන්නෙ රට දාලා යන්න. නියම උපාධිය මහන්සි වෙලා මුදල් වියදම් කරලා ගත්තම කාටවත් තියෙන කැක්කුම මොකද්ද. සාමාන්‍ය ජනතාව මොවුන්ව හෙළා දැකිය යුතුයි
රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය හදාරන අය පෞද්ගලික ආයතනවලින් වෛද්‍ය උපාධි පාඨමාලා හදාරන අයට බාධා නොකල යුතුය. මොකද ඔබලා ලබන උපාධියට එමගින් අවහිරයක් නැතිවීමයි. ඉරිසියාව පසෙකදමා අනිත් දරුවන්ටද අධ්‍යාපනයට ඇති අවස්ථාව ලබා දෙන්න.උසස්පෙල විභාගයේ ලකුණු පිලිවෙලවටම වෛද්‍ය අධ්‍යාපනය රජයේ විශ්ව විද්‍යාලයකින්ම ලැබිය යුතුයි කියල සම්මතයක් තබා ගැනීම අවශ්‍ය නැත.
මේ ඉන්නෙත් අංක එකේ කුහක සෙට් එකක් . ඒ වගේම හීනමානයෙන් පිරුණු පිරිසක් . අතේ තියෙන බෝඩ් වලින් පෙනෙනවා කාගේ බළල් අතක්ද කියලා . උසස් පෙළ s 3 ක් ගත්තේ කෙනෙක් ඉන්දියාවට ගිහින් MBBS කරල ලංකාවට ඇවිත් ACT 16 කරලා රජයේ රෝහල්වල වැඩ කලාට කමක් නැහැ . රට ඇතුලේ ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතිකලොත් තමයි මෙයාලට ප්‍රශ්නේ . එකයි මම කියන්නේ මුන් අමු කුහකයෝ කියල . අපේ රටේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ක්‍රමය උස්සපෙල විෂය සංයෝජනයන්ගේ පටන්ම වෙනස් කලයුතුයි.
අනේ කුහකයිනේ...නවත්තයි කියලා තමා බය...උපාධිය ගත්ත දා ඉඳලා වර්ජන..ලෙඩ්ඩුන්ව හූරා කෑම්...පුහු මාන්නෙ...ඉගනගත්තෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියලා හැඟීමක් නෑ..රට දාල යනවා කියලා පඩි වැඩි කර ගන්න වලිකනවා.. යකෝ ඉගෙන ගන්න අයිතිය ආරක්ෂා කරපල්ලා....නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසක් තියනවා කියලා තේරුම් ගනිල්ලා...ඕවා දාන එකට වඩා නියාමනය කරන එක ඉල්ලපල්ලා.. බොරු කුහක ජේවීපී කාරයෝ නොවී.
ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝ පාරවල් වල රස්තියාදු ගහන වෙලේ පිටරටවල් බොහොමයක අය අවුරුදු 24 වෙනකොට වෛද්‍ය උපාධියටත් අරන්
පිටරට ගිහිල්ලා ගන්න වෛද්‍ය උපාධිය පිළිගන්නවා.. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් දෙන වෛද්‍ය උපාධියට විරෝධය.මේ ගොත්‍රික මානසිකත්වය තමයි ලංකාව මෙච්චර පහලට ඇද වට්ටලා තියෙන්නේ.
ඔන්න ඉතින් අනාගත කුහකයෝ එළියට බැහැලා. දැන්මම කුහක කම වපුරනවා. තමන්ගේ අනාගත රැකියා සුරක්ෂිත කරගන්න රටේ අනිත් එවුන් මෝඩයෝ වුනාම ලේසියිනේ. මේ වගේ රැකියා පාදක කොටගත් උපාධි පාඨමාලා පිනට උගන්වන එක නවත්වලා ණය මුදලක් දෙන්න ඕන උපයන විට ගෙවන විදියට. මොකද පිනට ඉගෙන ගත්තා කියලා නොමිලයේ සේවය කරන්නේ නෑනෙ.
මුදලට හරි වෛද්‍ය උපාධිය ලබාගන්න කැමති අයට ඉඩදෙන්න. වෛද්‍ය උපාධිය ලබා ගැනීම රාජ්‍ය විශ්ව විද්‍යල පද්ධතියේ හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් නොවිය යුතුය. ආදි ගල්යුග සහ වැඩවසම් යුගවල ආකල්පවලින් මිදී වර්තමානයට ගැලපෙනලෙස අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකිරීමට ඉඩදෙන්න.රටේ ආර්ථික ප්‍රගමනයක් ඇතිවන්නේ නිදහස් අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික අංශයටත් අධ්‍යාපනය ලබාදීමේ අවස්ථා ව්‍යාප්ත කිරීමට ඉඩකඩ සැලසීමෙන් පමණි.
බද්රානි අක්කි ගත යුතු යමක් කිව්වමද මංද ! හදවතේ නායකයා ජනාධිපතිකං කරන නිසා වෙන්ටැ!
අද ලංකාවේ ඉතුරු වෙලා ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලාස්ලා පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගත්ත අය. උන්ට සල්ලි තියන නිසා රට දාලා යන්නේ නෑ. ඒ නිසා රාජ්‍ය පුද්ගලික දෙඅංශයෙන්ම වෛද්‍යවරුන් ඉන්න එක වටිනවා.
මතක නැද්ද SAITM එකට වෙච්ච දේ!! වෛද්‍ය උපාධිය වෙලද භාණ්ඩයක් නෙවෙයි කැමති කැමති එකාට සල්ලි දීලා ගන්න!! ඒකට ප්‍රමිතිය වගේම උසස් පෙළින් තෝරන සුදුසු කමත් තියෙන්න ඕනි!! ඒ සුදුසු කම සපුරන්න බැරිවුණු අයට ඒ සලකන දැනුම නැතිව වෛද්‍යවරයෙක් වීමට සුදුසුකම් නැත!! උසස් පෙළ සුදුසුකම් ලබා ගැනීමට ආසන්නයට පැමිණි නමුත් නොහැකි වූ අයට සාධාරණයක් වීමට රජයේ වි.වි. තුල intake එක වැඩි කරලා පහසුකම් වැඩි දියුණු කලේ නම් ගැැටලුවට විසදුමක් ලැබේ නිසැකවම!! ඒ දේ නොකර හිතෙන හිතෙන විදියට private campus දාලා සල්ලිවලට රජයේ රෝහල් ටික private medical students ලට අරගෙන රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට තියෙන clinical practise වලට බාධා නරනවනන් ඒ දේට කිසි සේත්ම ඉඩ දිය නොහැනියි මන්ද ඒ දෙයින් වෛද්‍ය අධ්‍යාපනය ලබන සුදුසිසසන්ට සුදුසු තැන ලැබෙන්නේ නැති නිසා!! ඒ නිසා NSBM ගෙන යන මේ වැඩපිලිවෙලට එරෙහි සටන ජය ගන්නා තුරු නොබියව ඉදිරියට ම!!
ඔබතුමාට ශුවර්ද ඔය කියන ප්‍රමිතිය ගැන...? මට හිතෙන්නේ මේ ගැන අවබෝධය මදි වගේ. ඔබතුමාට සහ රටේ ජනතාවට. මෙතැන ලොකුම ප්‍රශ්නේ ඔය ප්‍රමිතිය නැති එක තමයි. Degree ලාබෙට විකුණන කඩ තමා ඔය PMC. MBBS වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි. වැඩිදුර විස්තර සඳහා facebook page එක බලන්න...!