රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා එහි සාමාජිකයන් සිවු දෙනකු සිය ධුරවල කටයුතු කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සහ සාමාජිකයන් වන මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන, වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න, මහාචාර්ය ජයලත් ජයවර්ධන යන මහත්ම මහත්මීන් සිය ධුරවලට පත් කිරීමට හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්ද නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා සහ එහි සාමාජිකයන් 2020 වසරේදී ඉවත් කිරීමට එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගත් තීරණය බල ශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කළේය.
මෙම රිට් ආඥාව නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හිටපු මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම තීන්දුව මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහහත්මිය විසින් තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු හතරකගේ ධූර බල රහිත කරයි
ranjith Friday, 27 January 2023 12:10 PM
සෞඛය ඇමති කම වෙද්‍යවරයෙකුටනෙ කරන්න පුලුවන් වචාල කටක් විතරක් තිබුනට කරන්න බැහැනෙ