(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වනවිට පුද්ගලයින් 758 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඒ අනුව එම පිරිස අතර සිටි සිසේරියන් සැත්කමට ලක් වූ මව්වරුන් 601 දෙනෙකු, විශේෂඥ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යවරුන් හත්දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු, නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකු, සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙකු සහ නිර්වින්දන වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
විමර්ශනයට අදාළ තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඊට අමතරව අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆිගේ ප්‍රකාශද අවස්ථා කිහිපයකදී ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව නීතිගරුක රටක් නොවෙයි. දැන් මෙයාව එල්ලලා දමන එක විතරයි අඩුව... එ්කත් කරන්න.
කොහොමද "එරෙහිව" කියලා ප්‍රකාශ කරන්නේ මේක පරීක්ෂණයක් නම්?
"මහාචාර්ය" තුමාගෙන් අහලම තීන්දු කරන්න. පැලෝපීය නාලේ මිරිකිල්ල ගැන හරියටම කිව්වේ මහාචාර්ය ජයසුමනයි. එයා ශාස්තරේ හරියටම දන්නා කෙනෙක්.