(රංජන් කස්තුරි)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සය පුද්ගලය විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා එම විමර්ශන කමිටුවේ සභාපතීත්වය දරයි.
කමිටුවේ සෙසු සාමාජිකවරුන් ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය(විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යාංහයේ අධ්යක්ෂ එල්.ඒ. බස්නායක සහ විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන යන මහත්වරුන් පත්කර ඇත.
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව පැමිණිලි විමර්ශන කර, නිරීක්ෂණ හා නිර්දේශ සහිතව මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළතද, සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබාදෙන්නැයි සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම කමිටුවට දැනුම් දී තිබේ.
විමර්ශනයේදී වෛද්‍ය ෂාෆි මහතා වරදකරුවකු බව ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි නාස්ති කරන්නේ, රාජිතගේ ඒක පුද්ගල කමිටුවෙන් තීන්දුව දීලා ඉවරයි
මාසෙකින් කෙසේ වෙතත් , අවුරුද්දකින් වත් කොරල පෙන්නනකො නෝනේ. මේ අපි නොදන්න ලංකාවේ කමිටු
2015 සිට විමර්ශන කමිටු කියක් පත් කලාද? කරුණාකර පත්කළ කොමිටු ගණන, කුමන කාරණයක් උදෙසාද, කොපමණද කාලයකටද , කොමිටුව සඳහා ගිය වියහියදම්, ප්‍රතිපල, චුදිතයින්ට දුන් දඬුවම්, එවැනි ක්‍රියා වැලැක්වීමට ගත් පියවරවල්, තවත් වැදගත් කරුණු යන දේවල් පැහැදිලි කරන්න පුලුවන්ද?
හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් වේවීද දන්නේ නැහැ. අර දත් දොස්තර මේකටත් ඇගිලි ගහයි!
සෙෳඛ්‍ය අමාත්‍යංශ පරීක්ෂණ මොකටද? සීඅයිඩී පරීක්ෂණ කරද්දි. අමාත්‍යංශය කාලෙ කාලා අන්තිමට යන්න ඕන සීඅයිඩී එකටනේ. සීඅයිඩී එක පරීක්ෂණ කරලා උසාවි යයි. අමාත්‍යංශය නිකන් මිනීමරැවන්ට සහතික දෙන්න හදන්නේ නැතුව ඉන්න.
රවින් - ඔබ කළුනික හොයන්න වගේ ලැහැස්තිය....