(පුෂ්පකුමාර ජයරත්න)
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
එම පිරිස එලෙස විරෝධතාවයේ නිරත වුයේ අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑම් කර පරීක්ෂණ මෙහෙයවන වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මාරු කිරිමට සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ ගන්නා බවට චෝදනා කරමිනි.
භික්ෂූන් වහන්සේලා, කතෝලික පූජකතුමන්ලා ඇතුළු දෙදහසකට අධික පිරිසක් එක්ව සිටි අතර කුරුණෑගල නගරයේ සිංහල ව්‍යාපාරිකයෝ රැසක් ද ව්‍යාපාරික ස්ථාන වසා දමා විරෝධතාවයේ නිරතවුහ.
සැකකාර වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වොලින් තොරව සාධාරණව සිදු කළ යුතු බවද, එසේ නොකර කටයුතු කළහොත් මීට වඩා දැවැන්ත විරෝධතාවයන් සිදුකරන බව ඔවුහු පැවසුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් පරීක්ෂණයක් කරගෙන යද්දී මොනවට ද උද්ගෝෂණ ,රෝහල් වල ඉන්න දොස්තරලා බබ්බු නෙවි නේ, ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කරන්න දෙන්න. තීරණ ගැනීමේ අයිතිය රාජිතගෙන් අයින් කර කාගේත් විශ්වාසය දිනු කෙනෙකුට දෙන්න.
අපේ පියතුමන්ලා හාමුදුරුවරු එකට එකතුව මේ දේවල් කරන්න නැත්නම් අන්තවාදීන්ගේ ඡන්ද පෙරේතකමේ රට පවා දෙන දේශපාලුවෝ රට කන එක නවත්වන්න බැහැ!
රටේ හැම දේකටම නිවට දේශපාලකයින්ගෙ අත පෙවීම් මුලු රටම පාරට බහීවි මේ විදිහට ගියොත්.
ඔය විරෝධතා වලින් වැඩක් නැහැ. අපේ යාවජීව සෞඛ්‍ය ඇමතිතුමා ඕක ශේප් කර ගන්නවා, ෂුවර්...