IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී

(ඉන්දිකා රාමනායක)

රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඒ මහතාගේ නිළ කාර්යාල වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය  මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සිද්ධිය සම්බන්ධ වු බවට හදුනාගෙන ඇති වෘත්තිය සමිත සාමාජිකයන් කිහිප දෙනකුගේ නම් අධිකරණය ඉදිරිපත් කළ පොලිස් ආරංචි මර්ග පවසයි.

මෙම සිද්ධියේ එම කාර්යාලයේ විදුරුවලට ද පහර දී අලාභ හානි සිදුකර ඇතිබවත්, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්වරයාගෙ තක්සේරු වාර්තාවත් මේ දක්වා පොලිසියට ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නම් ඉදිරිපත් කළ සැකකරුවන් ඉදිරියේ අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (3)

වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී

Lal Tuesday, 24 January 2023 08:22 PM

Good Job Police .. arrest them.

:       6       38

Krishan Wednesday, 25 January 2023 06:26 AM

අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුයි ඔය වෘත්තිය සමිති වලට ඕන විදියට වැඩකරන්න බැ. බෙල්ලන මහතා කිව්වේ ඇත්ත. මං වැඩකරන මාතර තත්වයත් ඔහොම තමයි. මං කලින් වෛද්‍යවරයෙක් විදියට සේවය කල කුරුණෑගල මහ රෝහලෙත් කුඩු ගංජා විමානයක්. සුළු සේවකයින් නිතරම ගංජා කුඩු ගහලා ඉන්නේ. ඒත් අපිට කුඩ්ඩෝ එක්ක හැප්පෙන්න බැනේ එනිසා ඉවසිමෙන් හිටියා. මාතරත් ඊට දෙවනි නැහැ. අනිවාර්යයෙන්ම සුළු සේවකයින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන.

:       5       25

visnu Wednesday, 25 January 2023 10:13 AM

මාතර විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සියලුම රක්තවාත රෝහල්වල කුරුණෑගල ද එම තත්ත්වයම පවතී. රෝහල් අධ්‍යක්ෂවරයාට සුළු සේවකයන්ගේ පාලනයක් නැහැ. මෙම සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් දේශපාලන පත්වීම් ලැබූවන් ය. ඒ නිසා ඔවුන් තුරන් කිරීමට පොලිසිය පියවර ගත යුතුයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 774 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site