(ඩයනා උදයංගනී) 

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

දැනට ඔවුන්ට ගෙවනු ලබන රුපියල් 5,000 ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගෙන තිබේ. 

එම දීමනාවට අමතරව මසකට උපරිම වශයෙන් රුපියල් 10,000 ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවකින් ලබාදීම මේ යටතේ සිදුවේ.