(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නාගොඩ රෝහලේ ක්‍රියාත්මක කරමින් තිබියදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැර පිරිසක් පැමිණ එය කඩාකප්පල් කිරිමට විරෝධය දැක්වීම සඳහා එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මොනවා හරි කළා නම් ඇමතිගෙන් හරි, මැරයෝ මොනවා හරි කළා නම් මැරයන්ගෙන් හරි පළි ගන්නවා මිසක් අහිංසක ලෙඩුන්ගෙන් පළි අරන් හරියනවද?
සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කළයුතුයි මෙයාලා හැමදාම වර්ජන, තර්ජන, ගර්ජන, ජනතාව අසරණ වෙලා රෝහල්වලට යන්නේ පණ කෙන්ද බේරගන්න.. මොකක් හරි අල්ලන් මෙයාලා වර්ජන කරනවා. සල්ලි තියෙන කෙනා පුද්ගලික රෝහල්වලටත් විදේශවලටත් යනවා.
රෝහල් වලට එන අහිංසක රෝගීන්ගෙන් බලෙන් අත්සන් අරගන්න මේ අය කවුද?
GMOA ත්‍රස්තවාදී සංවිධානය වහාම තහනම් කල යුතුයි. රජය කරන්නේ නැත්නම් අපි කරනවා.
ඉස්සර තමයි වෛද්‍යවරු හිටියේ. වෛද්‍යවරයෙකු කියන්නේ සංසාර හේතු ඇති මහා ප්‍රාඥයෙක්. නියම වෛද්‍යවරයෙකුට සතෙකු හරි ලෙඩ වී සිටිනු දුටුවොත් ප්‍රතිකාර කිරීම තරම් ලොකු වැඩක් තවත් නැහැ. මේගොල්ලෝ මොන වෛද්‍යවරුද? කටපාඩම් කරලා අවුරුදු 5ක් ඉගෙනගෙන කොහොමද වෛද්‍යවරයෙක් වෙන්නේ. ලෙඩ්ඩු ලක්ෂ ගානක් අතගාලා ලබන පළපුරුද්ද නැතුව හරි වෛද්‍යවරයෙක් වෙන්න බැහැ. එහෙම සංසාර පුරුද්දක් නැති අය විභාගය සමත් කරන් වෛද්‍ය සේවයට ආවට දේසපාලුවෝ ගොඩටම තමයි යන්නේ. ලෙඩෙක් විමසලා ලබාගන්න අවබෝධය නිවන් දකින්න ඉවහල් වෙනවා වුනාට මෙයාලට හතර අපායේ දොර ඇරිලා. මෙයාල වගේ වෛරී සිතුවිලි ඇති අයගෙන් වෙදකම් නොගත යුතුමයි. මොවුන් වෛද්‍ය වෘත්තියට නුසුදුමය. වෛද්‍ය වෘත්තීය අතහැර දේශපාලනය කරන්න