(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.
විදේශයන්හි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙනම වාට්ටුවක් ඇති කිරීම ඩොලර් සොයාගත හැකි හොඳම මාර්ගයක් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙයට අමතරව විදේශයන්හි රෝගී දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙනම රොහලක් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ ඇති කිරීම හෝ දිවයිනේ සෙසු රෝහල්වල වෙනම වාට්ටු හා පහසුකම් ඇති කිරීමෙන්ද ඩොලර් සොයා ගැනීමට මග පෑදෙන බව ඔහු සඳහන් කළේය.
වෛද්‍ය සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා විදේශීය රටවලට මෙරට ශිෂ්‍යයන් ඇදී යෑම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමෙන්ද ඩොලර් රට තුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පහසුකම් වැඩ කිරීමද එක් විසඳුමක් බව පෙන්වා දුන්නේය.
මෙයට අමතරව විදේශීය ශිෂ්‍යයින් සඳහා මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ දේශීය විශ්ව විශ්වවිද්‍යාලවල විදේශීය ශිෂ්‍යයින් සඳහා වෙනම අංශ පිහිටුවීම මගින්ද ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
එසේම මෙරටට අවශ්‍ය කෙරෙන යම් යම් වෛද්‍ය උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරිමට ව්‍යවසායකයන් දිරිමත් කිරීමද ඩොලර් ඉතිරි කර ගැනීමට තවත් හොඳම මාර්ගයක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අපේ රටේ තියෙන්නේ පුදුම බයක්නේ... ඉතින් කොහොමද ඒවා පිහිටුවන්නේ...?
දොස්තරලා ලෙඩුන්ට ප්‍රතිකාර කරන එක හරියට කළාම ඇති. ඩොලර් හොයන එක ගැන උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. එක දොස්තර කෙනෙක් කාබනික වගාව ගැන උපදෙස් දීලා වෙලා තියන හරිය හොඳටම ඇති...
SAITAM එකට විරුද්ධ වුණේ ඔයාලාම තමයි. දැන් බයිලා කියවනවා. ධම්මික පෙරේරා ඔය යෝජනාව ගෙනාවා මීට අවුරුදු ගාණකට පෙර... ඔයාලා ඉඩදුන්නේ නෑ කුමා...!
අනේ මොලේ තරම... සල්ලි තියෙන රටක තමන්ගේ දරුවාට ඉස්පිරිතාලගත කරන්න තරම් ලෙඩක් හැදුණහම පැය ගණන්, දවස් ගණන් ගුවන් ගමන්වලට ගත කරලා ලංකාවට දුවගෙන එන්න තරම් මොලේ කචල් දෙමාපියන් කොහෙද ඉන්නේ? මේ ප්‍රකාශේ කරන්න කාරණේ තමයි මේ ගොල්ලන් දවසෙම කල්පනා කරකර ඉන්නේ මුදල් ඉපැයීම ගැනයි. ඒකයි මෙහෙම ඔල්මොරොන්දම් ගොබ්බ කතා වමාරන්නේ...!
ඔයාලා ඔයාලාගේ වැඩ හොඳටම කරගන්න ඒ ඇති. බල්ලගේ වැඩේ බූරුවා කරන්න හදනවා කියලා කියමනක් තියෙනවනේ...!
අපේ පොඩි එව්වොන්ටත් බෙහෙත් නැති රටේ පිටරට ළමයින්ගෙ ලෙඩ හොඳ කරන්න තොවිල් නටලද?
මහත්වරු ටික කුහක කමටයි ඉදිමුණු කමටයි එකට එකතු වෙලා සයිටම් එක වහ ගත්තා. ඒක හරියට කළා නම් වෙනත් රටවල්වල ළමයින් ඉගෙන ගන්න එනවා ඩොලර් ගෙවලා. අපේ ළමයි වෙනත් රටවලට යන එක නවතිනවා. එවැනි සම්පත් විනාශ කරලා දැන් වාද බයිලා කියනවා.
ලංකාවෙන් බෙහෙත් ගන්න එනවානම් එන්නේ , හෙලවෙද කම වාගෙ වෙදකමක් ස්තාපනය කරා නම්. බටහිර වෙදකමට ලංකාවට එන්නෙ මොකටද? හොඳ හෙලවෙදකමක් ඇති ඉස්පිරිතාලයක් හැදුවා නම් හොදයි.
දැන්ද මේගොල්න්ට තේරිලා තියෙන්නේ.
මෙදාපාර දොස්තරලා, දොස්තරලගෙන්ම ගුටිකන්න වගේ යන්නේ...!
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් එයි කියලා හිතන්න අමාරුයි. එහෙම නම් රජයේ රෝහල්වලට වැඩිය පහසුකම් වැඩි පෞද්ගලික රෝහල් ලංකාවේ තියෙනවා. මේක මෙයාගේ පෞද්ගලික අදහස් වෙන්නේ ඇති. අදහස හොඳයි. ඒ වුණා උනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේේ අනිවාර්යෙන් කියයි ඔන්න දැන් රෝහල් පෞද්ගලීකරණය කරන්න යනව කියල. ලංකාවේ කරන්න බැරි ශෛලකර්ම ආදී ප්‍රතිකාර කරන්න ගොඩක් රෝගීන්ට යන්නේ ඉන්දියාවට.
ඔබට මතකද ලංකාවේ මෙඩිකල් කොලේජ් ආරම්භ කරන්න දරපු උත්සහායට GMO එක කරපු දේ,සයිටම් එකට කරපු දේ,ලංකාවේ ඩොලර් ටික සේරම අපට වඩා දුප්ප්ත් රටවල මෙඩිකල් කොලේජ් වලට යවනවා,ඉතිං අපි හිගන්නෝ වෙන එක අහන්න දෙයක්ද,ඔබ මේ කතා කරන්නේ සද්භාවයෙන්ම නම් හෙටම ලංකාවේ මෙඩිකල් කොලේජ් ආරම්භ කරන්න.විදේශ විනිමය ඕනතරම් හොයාගන්න පුලුවන් විදේශ දරුවන්ගෙන්,කරුනකර ඔබ සැම අත්මාර්තකාමි නොවන්න.ලෙඩ්ඩු ලංකාවට ගේනවට වඩා සිසුවන් ගේන එක පහසු බව මතක තබා ගන්න.
තෙල් සංස්ථාවේ, වරායේ සහ දොස්තරලාගේ වෘත්තීය සමිති රටේ දැන් තියෙන තත්වයට වගකියන්න ඕනේ හැමදෙයක්ම දේශපාලකයෝ පිට දමලා බේරෙන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. සයිටම් එක තිබුණා නම් දැන් රටේ ඩොලර් බිලියනයක් පමණ ඉතුරුවෙලා...
aniwaryenma pramithiyata anuwa paudgalika waidhya widhaa pihitu wiya yuthui