( ෂේන් සෙනෙවිරත්න )
යාපනය පුන්කූඩතිවූ ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .
එසේ මියගොස් ඇත්තේ පුන්කුඩතිව් කයිට්ස් හි පදිංචිකරුවෙකු වු පුබාලසිංහම් තවකුමාර් සෙන්දිල් (37) නැමැති අයෙකි .
ඔහු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට සුළු මොහොතකින් මියගොස් ඇති අතර ඔහු නිව්මෝනියා රෝගී තත්වයෙන් පෙළුන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය .
ඔහුට නියම වූ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු එය විභාග වෙමින් තිබූ බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් හොඳ පාඩමක්... අකටයුත්තක් කළොත් කොහෙන් හරි, කොහොමහරි දඬුවම ශුවර්... නිව්මෝනියාව යනු හුස්ම ගැනීමේ අපහසුතාවය... විද්‍යා දැරිය මැරුවේ... ?
කොහොමත් අපේ රටේ නඩුවක් ඉවර වෙන්නෙ ඊළඟ ආත්මෙ තමයි.
අපරාදේ මේකව නිව්මොනියාවෙන් මැරෙන්න ඇරියේ .කැන්සර් එකක් වගේ හැදිලා දුක් විඳලා මැරෙන්න ඕනේ එකෙක් අර අහිංසක කෙල්ලට කරපු අපරාදෙට .ආත්ම ගානක් දඬුවම් ලැබෙන්න ඕනේ
අර මන්ත්‍රී කෙනෙක් හිටියේ විද්‍යා දැරිය මරපු කෙනෙක්ව ආරක්ෂා කරපු .එයාටත් මේ වගේ දෙයක් වේවා