(ඩී.ජී. සුගතපාල )

කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව්ක් අත් අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාරය සහායිකාවක් සහ අකුරැස්ස දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙකි.

ඉකුත් 16 වනදින පැවති වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගි නොවන බවට ප්‍රකාශකර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයින් වරජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයින් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා විසින් කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතර කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයෙකුට එදින පහරදිමේ චෝදනාව යටතේ ඉකුත් 18වනදින අත් අඩංගුවට ගන්නාලද වෛද්‍යවරයා හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.