
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ධම්මික ගුණවර්ධන)
ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් විරසකව සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්, දේශපාලනයේදී සදාකලික හතුරන් හෝ සදාකලික මිතුරන් නොමැත යන කියමන පසක් කරමින් එකම වේදිකාවේ එකට සුහදව අල්ලාප සල්ලාපයේ යෙදුණු දෙදෙනා මෙසේ එක සිටියේ ස්වාධීන අපෙක්ෂක ජනාධිපති රනිල්ක වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අද අකුරණ නගරයේ පැවැති ප්‍රචාරක රැලියෙ වේදිකාවේය.
පහර කෑමට ලක් වූ මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා සිදුවූ ආබාධය හේතුවෙන් ඔහු ගමන් කරන්නේ ද අත් වාරුවකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කන්න මොන වාද භේදද මචන් ...?
බලන්න ඉතින් රටට ඕනෑ මේ සමගිය නේද?
මේ වගේ අවස්ථාවාදී ක්‍රියා දකින කොට මෙහෙම කියන්න එපා. මේ වැඩවල තියෙන ගුජුප්සා ජනක බව පාඨකයාට පෙන්වා දෙන්න.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ...!
මේ ඇඳුම් අඳින්නේ පුරුද්දට මිස ලැජ්ජා තියන නිසා නෙවෙයි.
නයි මුගටි එක් වෙනවා මරණීය සතුරා ඉස්සරහා, එන් පී පිය දිනුවොත් දන්නවා වෙන සන්තෑසිය...!
තමන්ගේ පැවැත්මට නයි, මුගටි එකම කොටයක් උඩ...
කෙලවෙන්න යනකොට සතුරො සතුරෝත් එකතු වෙනවා...!
අත්වාරුවෙන් යනකොට මහින්දානන්ද පස්සට වෙලා හොරෙන් හිනා වෙනවා ඇති... අනේ පව් ගුණතිලක... ගුටිත් කාලා අත්වාරුවෙන් යන්න වෙලා..
රෝහන විජේවීර ගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා හොරු රෑට එකට හොරකමේ ගිහිල්ලා දවල්ට බොරුවට රණ්ඩු වෙනවා කියලා, මට ඒක මතක් වුණා...
මුට තව පෙරලාගෙන ගහන්න තිබ්බේ .ලැජ්ජාවක් නැති එක.. ගහපු එකත් එක්ක හොඳට ඉඳගෙන ඉන්නේ