
(එච්. චන්දන)
නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ අවුරුදු 7 පමණ වන අලි පැටවා අද උදෑසන ජීවිතක්ෂයට පත්වූ බව නවගත්තේගම වනජීවී අඩවිවන කාර්‍යාලය සදහන් කරයි.
දින තුනක් මුළුල්ලේ වන අලිපැටවාට ප්‍රතිකාර ලබා දුන් අතර අද උදෑසන මිය ගොස් ඇත.
ආහාර ගැනීමට නොහැකි ලෙස මුඛය තුවාල සිදුවී ඇති නිසා දැඩි ලෙස දුර්වල වී සිටි බව නවගත්තේගම අඩවිවන කාර්‍යාලයේ වන ජීවී නිළධාරිහු තහවුරු කර ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ... පුංචි පැටියෝ... ඔයා හොඳ ආත්මයක් ලබලා ඉක්මනට මේ සසරින් එතෙර වෙන්න.
" බේරාගනු මැනවි .. ! මා දිවි තොර නොකොට ... හඬලා පැවසුවේ සමගින් ඇස් කඳුළු කැට ... දින ගණනක් වෙහෙස ගෙන ප්‍රතිකාර කොට ... කිසිවෙකු හට නොහැක දීමට ජීවෙ මට ... "
වනජීවී එකෙන් ඇත්පැටවා වටකරගන්නකොටම මට හිතුනා අවසානය මෙසේ වෙයි කියලා.