(සුමිත් ප්‍රේමතිලක)
වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
සාමණේර හිමිවරුන් 9 දෙනකු වෙනුවෙන් කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් හිමිවරුන් හය දෙනකුට වයිරසය ආසාදිත ව ඇති බවට තහවුරුව තිබේ.
ඒ අනුව පිරිවෙනේ වැඩ සිටින අනිකුත් සාමණේර හිමිවරුන් ඇතුළු සියලු දෙනා සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පසු වයිරසය වැළඳී ඇති බවට තහවුරු ව ඇතැයි ද සෞඛ්‍ය බලධාරියා වැඩිදුරටත් පැවසීය.
ආසාදිතයින් අතර විහාරස්ථානයේ නැවතී සිටින සාමණේර හිමි නමකගේ පියකු සහ පැවිදි කිරීමට සිටින කුඩා දරුවකු සහ දහම් පාසල් ගුරුවරයකු ද සිටින බව පැවසේ.
ආසාදිත හිමිවරුන් අද රාත්‍රියේ යුධ හමුදා ආරක්ෂාව මධ්‍යයේ කළුතර ප්‍රදේශයේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා බොරුවෙන් රටවල් ගොඩක් අයින් වෙලා පරණ විදිහට වැඩ... ලංකාවේ කොරෝනා බොරුව වවන් කනවා. ස්තුතියි..!!!
කොත්තමල්ලි, ඉඟුරු ටිකක් බොන්න.