
(ඉන්දිකා රාමනායක)
කැලණිය බියගම පාර පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ගායකයෙකුගේ ගීතයකට පොලිස් නිළ ඇදුමෙන් වේදිකාව මතට නැග රංගනයක නිරත වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (52) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉකුත් 30 වැනි දින රාත්‍රියේ කැලණි නදී ක්‍රීඩා පිටියේදී මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර කොස්තාපල්වරයා එහි ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටියදි වේදිකාව මත නැග මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පවසයි
මෙම නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව ක්‍රියාව සම්බන්ධයෙන් කැලණිය සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරාච්චි මහතා විසින් විමර්ශනයක් සිදුකර ඊයේ (1) සිට මෙම කොස්තාපල්වරයා වැඩ තහනමට ලක්කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නම් කාගෙන් හරි පිනට බිලා වෙන්න ඇති...!
හිටපු පොලිස් ලොක්කාට සින්දු කියලා ඩාන්ස් කරන්න පුළුවන් නම් ඇයි මෙයාලට බැරි...? එක දිගටම සින්දු 6ක් කියලා තියෙනවා එයා... හිටපු රටේ ලොක්කා බැරිම තැන නැගිටලා ගියා එතැනින්... ලොක්කොයි, සොක්කොයි අතරේ වෙනස ඒකයි...!
අවුරුදු 52 යි තාම PCද?