
(ටී.කේ.ජී.කපිල )
වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 23 දින රාත්‍රී පැවති උපන් දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර , පසුව බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගීන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙටරටට පිටුවහල් කර කළේය.
වත්තල ප්‍රදේශයේ පදිංච් මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු 30 හැවිරිදි වියේ පසුවන මහේෂ්වරන් ලුසිනාත් වන අතර සහ අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවන ගනේෂන් විග්නේෂ්වරන් වේ .
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර ඉන්දීය ආරක්ෂක අංශ මගින් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර තිබූණි ,
සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණෙනවාත් සමගම මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd