IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වතුර හබයකට ගම්මු-පොලීසිය ගැටෙති

(උපුල් හේරත්)

 මහකනදරාව උතුරුජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එරෙහිව ගොවීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් අරඹා තිබේ.

 මෙම ජල ව්‍යාපෘතිය අද (15 )  ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජපන් තානාපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව  ඇත.

විරෝධතාකරුවෝ රඹෑව නගරයේ සිට මෙම ව්‍යාපෘතිය විවෘත කෙරන ස්ථානයට විකල්ප මාර්ගද භාවිත කරමින් පිවිසෙන බව  අප වාර්තාකරුවෝ පවසති.  විකල්ප මාර්ග භාවිත කරමින් උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණනෙ ගොවීන් නවත්වන්නට උත්සාහයක යෙදෙන පොලීසිය ට ගොවීන්ගේ විරෝධය ඒල්ල වීමත් සමඟ ඒම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ. 

යුදහමුදාව ,පොලීසිය,කැරලි මර්දන ඒ්කකය යොදවා ආරක්ෂාව තර කර ඇති අතර ජල ප්‍රහාරක රථ, කදුළු ගෑස්  ආදී සියලු දෑ  ප්‍රදේශයේ තැනිත් තැන දකින්නට ඇති බවත් ඔවුහු කියති.



අදහස් (5)

වතුර හබයකට ගම්මු-පොලීසිය ගැටෙති

Lal Thursday, 15 February 2024 10:26 AM

කාලකන්නි ත්‍රස්තවාදී ජෙප්පෝ

:       121       76

KumaraThursday, 15 February 2024 11:35 AM

අසාධරණයට විරුද්ධව ජනාධිපති අභිමුවේ උවද සටන් වදින ජනතාව ජෙප්පෝ ලෙස අභිශේක කිරීම ජවිපෙට අභිමානයකි.

:       49       93

JagathThursday, 15 February 2024 11:49 AM

දැන් ලාල් කියන විදියට ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට කියන්නේ ජෙප්පෝ කියලද ?

:       24       90

Chandana FernandoThursday, 15 February 2024 12:17 PM

ජාල ව්‍යාපෘතියක් යනු සමාජයට වැඩ දායක අංගයක්,ඊටත් ජපන් තානාපතිත් එන,ඉතින් එයාට විරුද්ධ වෙන්නේ ජෙප්පෝ නැතුව මොලේ කලඳක් ඇති එකෙක් කරන වැඩද ?

:       76       47

Pradeep Kumara Thursday, 15 February 2024 12:49 PM

ගමට ජල ව්‍යාපෘතියක් ලැබෙනවාට කිසිම කෙනෙකු විරුද්ධ වන්නේ නැත. මොකද ජලය යනු ජීවියෙකුට අත්‍යාවශ්‍ය දෙයක් වන බැවින්. නමුත් මෙහි සඳහන් වන ලෙස මුළු ගමක්ම ඊට විරුද්ධ වන්නේ නම් එහි කුමක් හෝ පරහක්, වරදක් තිබිය යුතුය. මෙහි ඇතැමුන් එය ජවිපෙ ක්‍රියාවක් බව අදහස් දක්වා තිබුනත් එය එවන් දෙයක් නොවන බව පැහැදිලියි.

:       25       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 119 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site