(නවරත්න සමරතුංග)
තිරුක්කෝවිල් තම්බිලුවිල් මහා විද්‍යාලයේ 08 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දීම හේතුවෙන් අනෙක් සිසුවා මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නැමති 13 හැවිරිදි සිසුවෙකි. ඔහු ඒ.පී.සී. පාර තම්බිලු වේල් 1 කොටිඨාසයේ පදිංචි කරුවකු බව සඳහන් වේ.
මොවුන් දෙදෙනා අතර පන්තියේදී කිසියම් කරුණක් මත ගැටුමක් ඇතිවී එක් අයකු අනෙකාට පහරදී ඇති පහර කෑමට ලක්වූ සිසුවා හිස් වතර බෝතලයකින් එල්ල කළ පහරකින් එම සිසුවා සිහි සුන්වී ඇද වැටී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත් වීම සඳහා සිසුවාගේ සිරුර අම්පාර මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙෙක් 'ලංකාදීප' යට කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වතුර බෝතලය සිසුවාගේ දිවි ගමන නිම කරයි