(බී.ජී. චතුරංග)
පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති තරුණයෙකු සමත්ව තිබේ.
යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.
මෙම නව නිපැයුම වූ වාතය මගින් ජලය නිපදවීමේ නව යන්ත්‍රය මගින් පැය හතරහමාරකදී සෙල්සියස් අංශක 34 දී පමණ ජලය ලීටරයක ප්‍රමාණයක් නිපදවන බවත් මේ සඳහා කුඩා සෝලා පැනලයක්ද භාවිත කර ඇති බවත් ඔහු පවසයි
කිලෝ ග්‍රෑම් එකහමාරක් පමණ බරක් සහිත මේ නිපැයුම කොටස් තුනකට වෙන්කර තබා ගනිමින්ද භාවිත කල හැකි අතර ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි පරිදි මෙය නිපදවා තිබේ.
සූර්ය එළිය ඇති ස්ථානවලදී ජලය එක්රැස් වන අතර රාත්‍රියේදී සෝලා පැනලය වෙනුවට විදුලිය ලබා දීමෙන්ද ජලය නිපදවිය හැකිවීමද මෙහි විශේෂත්වයකි.
මේ නව නිපැයුම විශේෂයෙන්ම කාන්තාර, කැලෑවල ආරක්ෂක මෙහෙයුම්වලදී, මුහුදු ගමන් ආදී ජලය හිග අවස්ථා වලදී මහත් ප්‍රයෝජනයක් වනු ඇත. මේ නිර්මාණය සිදු කිරීමට මොහුට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබේ.
මේ සුවිශේෂී නිර්මාණයට ඔහු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර රුපියල් ලක්ෂ දහයක් පමණ වැය වන පරිසරයේ කසල එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවීමටද හර්ෂක ප්‍රභාත් මේ වන විට කටයුතු කරමින් සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැ
මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොල
බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය.
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.
ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
Ahmed (Gulf) Wednesday, 08 May 2024 04:10 PM
හොඳ ශ්‍රී ලාංකිකයකුගේ වැඩක්... මෙම ක්‍රීයාවලිය ඊශ්‍රායලය මහා පරිමාණයෙන් පසුගිය අවුරුදු 10 ක් පුරාවට අප්‍රිකානු රටවල සිදුකරගෙන යනවා.
Kapila Wednesday, 08 May 2024 11:19 PM
හොඳයි, ඉදිරියට යන්න, අපේ රට තාක්ෂණයේ උච්චතම ස්ථානයක තබා ගන්න. ඔයාට තෙරුවන් සරණයි පුතේ.
M Thursday, 09 May 2024 12:00 AM
මම මේකට පේටන්ට් එකක් තියනවා
John Thursday, 09 May 2024 12:29 AM
dehumidifiers හෙවත් අවට පරිසරයේ ජලවාෂ්ප අයින් කරන යන්ත්‍ර ගැන කවදාවත් අහල නැති අයට මේවා මැජික්.
සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:53 AM
හෑල්ලුවට ලක්කරනවා නොවෙයි, නමුත් වායුගෝලයේ ජලය තැන් තැන් වල වෙනස්. නුවරඑළයට වඩා වැඩියි ගාල්ලෙ, ඒක නිසා ඔය ගනන් හිලව් වෙනස් වෙනවා . ඔහොම වතුර හොයන්න තරම් අහේනියක් ඉදිරියේදි රටේ වෙන්න ඉඩ තියෙනවා. ජලය දූෂණය වන විදියට.
sachith Thursday, 09 May 2024 08:31 AM
ඉතාමත් හොද සොයාගැනීමක්, ධීවර ප්‍රජාව මේකෙන් ගොඩක් සහයක් වෙයි
janahitha Thursday, 09 May 2024 09:15 AM
ගෙදර දොරේදී පවුලේ අය එකතු වුණොත් මෙය හදා ගන්න පුළුවන්
Bunny Preena Thursday, 09 May 2024 09:39 AM
නව සොයාගැනීම් කොච්චරක් දෝ එලි දැක්වුනා .ලස්සන සහතිකයක් සහ තඹ හෝ පිත්තල වලින් හදාපු සම්මානයක් දීලා මුකුත් උනේ නැති ගානට ඒගොල්ලන්ව පැත්තකට කරලා තියන එකනේ හැම ආණ්ඩුවක්ම කෙරුවේ . මෙවැනි අයට සහ රටට හොඳ අනාගතයක් උදා වෙන්න නම් AKD සහ ජජබ බලයට පත් කරගන්න ඕනේ
අනුර Friday, 10 May 2024 10:26 PM
ඔක කාන්තාර පෙදෙසක ටෙස් කරලා බලන්න ඔන මුලින්ම ජලවාෂ්ප අඩු පරිසරයක