IMG-LOGO

වතුමුරකරු මහා අනතුරක් වළක්වයි

(සමන් පාලිත නානායක්කාර)

ඉදල්ගස්හන්නේ වතු මුරකරුවකු ජිවිත අවදානම නොතකා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් ඊයේ රාත්‍රී 8.00 පමණ වළක්වා ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

හපුතලේ - ඉදල්ගස්හින්න අතර   දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී ඇතර ඒ සමග කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියද ඉදිරියට ධාවනය වී ඇත. 

තම ජීවිතය ගැන නොතකා වතු මුරකරු විදුලි පන්දමක් ද රැගෙන දුම්රිය මාර්ගයට ඉදිරියෙන් අනතුරක් ඇති බවට  සංඥා කිරීම හේතුවෙන් දුම්රිය නවතා ගැනීමට හැකි වූ බව ද දුම්රිය රියැදුරා පැවැසීය.

මෙම අනතුරක් වලක්වා ගැනීමට සහය වී ඇත්තේ වතු මුරකරුවකු වන එච් .එම්. විජේරත්න මහත‍ෙය.

යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවෙි නිලධාරියෙක් පැවසීය. රාත්‍රී කොළඹ බලා යන තැපැල් දුම්රිය ද පැය කිහිපයක් මේ නිසා ප්‍රමාද විය.



අදහස් (7)

වතුමුරකරු මහා අනතුරක් වළක්වයි

Lalla Sunday, 09 April 2023 10:33 AM

නියම මානවවාදී භූමි පුත්‍රයෙක්. ඇයි මෙවැන්නන් දේශපාලනයේ නැත්තේ...?

:       2       50

PereraMonday, 10 April 2023 12:49 AM

දේශපාලනයට එන බහුතරය ඔවැනි සිතුම් පැතුම් තියෙන අය නෙවෙයි... බඩවඩගෙන්න මානසිකත්වයයි ඔවුන්ට තියෙන්නේ... ඔවැනි සිතුම් පැතුම් තියෙන අයට අද ලංකාවේ අද ලංකාවේ දේශපාලනයට ආවත් පැවැත්මක් නැහැ..

:       0       0

Samitha S. Aluthgamage Sunday, 09 April 2023 11:46 AM

තම ජීවිතයටත් වඩා යුතුකම අගය කරන මෙවන් උතුම් මිනිසුන් රටට වාසනාවක්...

:       0       60

කසුන් Sunday, 09 April 2023 12:32 PM

මෙවැනි විරුවන් අගයා රජයෙන් සම්මානයක් සමග යම් තෑග්ගක් දෙන ක්‍රමයක් තියෙන්න ඕනෑ...

:       0       50

පිටිගල මිලානෝ Sunday, 09 April 2023 12:51 PM

මේ මනුස්සයාට ජීවිත කාලයටම බලපාන දිවයිනටම වලංගු දුම්රිය වොරන්ට් එකක් දෙන්න...

:       0       48

surathalaSunday, 09 April 2023 01:44 PM

අනිවාර්යයෙන්ම...!

:       0       33

වනිගසිරි Monday, 10 April 2023 08:38 AM

ඇත්තටම තමන්ගේ රැකියාව හරියටම කරපු අයෙක් කියන්න පුළුවන් රජයේ මුරකරුවෙක් වුණානම් මට අදාල නැහැ කියලා නිහඬව ඉන්නවා... (ඔවුන් බොහෝවිට කරන්නේ නිවසේ පුද්ගලික වැඩක් නැත්නම් වෙළඳාමක් හෝ ත්‍රිවීලර් එකක් පදවා මුරකරු වැටුපක් ගැනීම තමයි. පළාත් පාලන ආයතනවල සොහොන් මුරකරුවන් කරන්නේම ඒක තමයි... අත්දැකීම් අනන්ත තියෙනවා) මොහුට පිටිගල මිලානෝ කියපු ආකාරයට පමණක් නොවෙයි. පළමු පන්තියේ නිදහස් දුම්රිය බලපත්‍රයක් ජීවිත කාලයටම වලංගු වන සේ දීමටත් අධ්‍යාපන තත්වය බලා හැකියාව ඇත්නම් සාම විනිසුරු පදවියක් දීමත් ඉතාමත් හොඳයි. රටේ අභිවෘද්ධිය අපේක්ෂා නොකරන මිනිස්සු විරුද්ධව ඒවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site