

(නිමල කොඩිතුවක්කු)
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් කියන පදයට නටන රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටටත් ජනතාවටත් ගොඩඒමක් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ජනතාව දිනා ගැනීමට කියූ දේවල් අමතක වී වත්මන් රජය නිර්වින්දනය වී ඇති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වුවත් වත්මන් රජය අයි එම් එෆ් පදයට නටන බවත් ඔහු පැවසීය.
ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විදුලි බිල අඩු තෙල් මිල විශාල වශයෙන් අඩු කරන බව පැවසුවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ පැවසූ දේවල් නොකර සිටින බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය නව අයවැයක් ඉදිරිපත් නොකිරීමෙන් ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පළාත් පළාන මැතිවරණයට තරග කිරීම හැර වත්මන් රජය පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සැලසුම් පවා සකස් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ බිරින්දෑවත්, පක්ෂෙවත් පාලනය කළ නොහැකි කෙනා රට හදන්න කතාව. බස් ඩ්‍රයිවර් වැඩේටවත් සුදුසු නෑ.
ඔය ඉස්සෙල්ලා SJB එකේ ජාතික ලැයිස්තුව හදන්න රට හදන්න කළින්...!
අනේ යන්න මහත්තයා පිස්සු නොකියා. තමන්ගේ පක්ෂයේ වැඩ ටික හරියට කරගන්න බැරිව.. අපේක්ෂකයින්ට පොරොන්දු වුන ආසන 4 බෙදා දෙන්න ගෙදර ගෑනිගෙන් අවසරය ඉල්ලන අමාරුකාරයින්. රටේ මිනිස්සු අනූනමයෙන් බේරුණා. තව මාසෙකින් රනිල් සීයා එක්ක එකතුවෙන්න යනවා කියලා අපිට ආරන්චියි... මේ ආණ්ඩුවට කෙළවන්න. ඉන්දියාවයි අමෙරිකාවයිලු නේද ඒ පිටුපස ඉන්නේ?
පැරදුණු පුත්තරයා පිස්සු කියවනවා... ඉතින් පලාත්පාලන මැතිවරණයට ඇවිත් ඔයාගේ දක්ෂතාවය ආයෙත් ''උරගා" බලන්නකෝ. පළාත්පාලන ඡන්දයේදී පුතාණෝ නැත්තටම නැතිවෙනවා. දැන් ඔය මල ඉලව් සජබ (සජිත් ජලනි බලවේගය) විසුරුවා හැරලා, කළා වගේ හොර සල්ලි ජාවාරම කරගෙන යන්න. නැත්නම් ගෙදර ගෑනිගේ (නීති විරෝධී විදිහට අල්ලාගෙන ඉන්න ගොඩනැගිල්ලේ තියෙන) බාබර් සාප්පුවේ කොන්ඩේ කපන්න...!
ඔය ඔක්කොම එකතුවෙලා රට මේ තත්වෙට ගෙනැල්ලා දැන් බයිලා ගහලා වැඩක් නෑ. අඩුගානේ ඒ මිනිස්සු ජනතාව රවටන වැඩ කරේ නෑනේ ඔයාගේ සහෝදරිය වගේ. නිකම් කට තිබුණු පලියට කියවන්න එපා. මෝඩකම තවත් පේනවා එතකොට....
ලගදීම , ජනාධිපති මන්දිරයේ තිබුණු වටිනා වස්තු , බ්‍රිතාන්‍ය වෙළද පොලට ගියේ කොහොමද කියල හොයනවා. ඒක අලුත් අඩිපාරක් , කවුරුත් ගියේ නැති .
ඔව් ඒක බය කියන්න ඕන නැහැ .ගමේ රනිල් කියලානේ කියන්නේ .හැබැයි රනිල් කරන ඔක්කොම කරන්න බැහැ
ගොඩ එන්න අලිබබයි හොරු 40යි ගේමු..
කාපට් කරල දෙන්න, අඩුම ගානෙ කොන්ක්‍රීට් වත් දාල දෙන්න සර් අඩිපාරට.
ඉතින් ළමයෝ ඔයත් රනිල්ගේ අඩි පාරේම යන්නකෝ
ඔයා කියාන්න මොකද කරන්න ඔනි කියා...IMF නොයා...
ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ටික නම් කර ගන්න බැරි මෙයා එනවා අනුන් ගැන කතා කරන්න
තමුන් බයිලා නොකියා බලාගෙන ඉන්න . මේ ආණ්ඩුව රට හදන හැටි .තමුන් බලාගෙන ඉන්නේ ජොලි සීයට එකතු වෙන්න නේ
අවුරුද්දක් කට පියාගෙන ඉඳලා ඊට පස්සේ කට අරින්න
බුර බුර ඉන්නේ නැතිව පොඩ්ඩක් නිවාඩුවක් ගන්න .දැන් ඒක ඒ මිනිස්සුන්ට කරගෙන යන්න දෙන්න .ඔබට බොහොම ස්තුතියි
මේ ළදරැවා තාමත් මෙරටේ පරිවර්තනීය දේශපාලනය කුමක්ද යන්න වටහාගෙන නෑ. හොදම දෙය මා විශ්වාෂය නවක මංත්‍රීන්ට පැවැත්වූ වැඩ මුලුව වගේ යම් ආයතනයකින් මෙතුමාට විරැද්ධ පක්ෂ නායකය කුගේ සැබෑ කාර්‍ය භාරය ගැන වැඩ මුලුවක් පැවැත් වීමයි.
තමුන්ගේ 5 ස් දෙනාගේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය විසදගෙන ඉන්න , අනුන්ගේ දේවල් හොයන්න කලින්
එහනම් හොඳයි නේද ?
ප්‍රේමදාසගෙ - ඩුප්ලිකෙට් එක නෙවේ - අඩිපාරේ ගියොත් ඇටකටු, හිස්කබල් හම්බවෙන හින්ද වෙන පාරක යනවද කියල බලන්න ඕන. ඒ පාරෙත් මරලතෝනි ඇහෙන්න, ඇටකටු තියෙන්න පුළුවන්.
පුතාණෝ ඔයටික IMF කට්ටිය මුණගැහිච්ච වෙලාවෙදි ඔයවිදිහටම කිව්වද?
ඒ පාරෙ ගියා නම් තක්කඩියෝ තවම වැඩ.. උන් දැන් ආතක් පාතක් නැතුව ඉන්නෙ . කොහොම උනත් මේවනතෙක් හොඳයි . ඉදිරියට ත් මෙහෙමම යයි නම් තවත් හොඳයි .
හොරි කසපිය ....ගිනි පිඹපිය ......කියලා කිව්වලු.. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කරගන්න බැරුව, අනුන්ගේ පිට කහන්න යනවා..
මෙම පුද්ගලයා මානසික රෝගියෙකි. එයා සර්කස් එකක විකටයෙක් වෙන්න හොඳයි... එයාට හැම වෙලාවෙම ඕන එයා හැමදේම දන්නව කියල පෙන්නන්න... මොන විහිළුකාරයෙක්ද අනුර පැහැදිලිවම කීවේ තමන් දැනටමත් ස්ථාපිත IMF ප්‍රොටෝකෝල අනුගමනය කරන බවයි.
රනිල්ගේ හොඳ දේවල් ටික ගත්තාට කමක් නෑ... ඒත් ඔබ තුමා ජනාධිපති නොවුන එකනම් රටට ලොකු යහපතක්