

(නිමල කොඩිතුවක්කු)
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් කියන පදයට නටන රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටටත් ජනතාවටත් ගොඩඒමක් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ජනතාව දිනා ගැනීමට කියූ දේවල් අමතක වී වත්මන් රජය නිර්වින්දනය වී ඇති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වුවත් වත්මන් රජය අයි එම් එෆ් පදයට නටන බවත් ඔහු පැවසීය.
ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විදුලි බිල අඩු තෙල් මිල විශාල වශයෙන් අඩු කරන බව පැවසුවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ පැවසූ දේවල් නොකර සිටින බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය නව අයවැයක් ඉදිරිපත් නොකිරීමෙන් ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පළාත් පළාන මැතිවරණයට තරග කිරීම හැර වත්මන් රජය පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සැලසුම් පවා සකස් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
629
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
PATTA hora Wednesday, 27 November 2024 08:17 PM
තමුන්ගේ බිරින්දෑවත්, පක්ෂෙවත් පාලනය කළ නොහැකි කෙනා රට හදන්න කතාව. බස් ඩ්‍රයිවර් වැඩේටවත් සුදුසු නෑ.
mohamed Wednesday, 27 November 2024 08:33 PM
ඔය ඉස්සෙල්ලා SJB එකේ ජාතික ලැයිස්තුව හදන්න රට හදන්න කළින්...!
විජිත් Wednesday, 27 November 2024 08:42 PM
අනේ යන්න මහත්තයා පිස්සු නොකියා. තමන්ගේ පක්ෂයේ වැඩ ටික හරියට කරගන්න බැරිව.. අපේක්ෂකයින්ට පොරොන්දු වුන ආසන 4 බෙදා දෙන්න ගෙදර ගෑනිගෙන් අවසරය ඉල්ලන අමාරුකාරයින්. රටේ මිනිස්සු අනූනමයෙන් බේරුණා. තව මාසෙකින් රනිල් සීයා එක්ක එකතුවෙන්න යනවා කියලා අපිට ආරන්චියි... මේ ආණ්ඩුවට කෙළවන්න. ඉන්දියාවයි අමෙරිකාවයිලු නේද ඒ පිටුපස ඉන්නේ?
විජිත් Wednesday, 27 November 2024 08:52 PM
පැරදුණු පුත්තරයා පිස්සු කියවනවා... ඉතින් පලාත්පාලන මැතිවරණයට ඇවිත් ඔයාගේ දක්ෂතාවය ආයෙත් ''උරගා" බලන්නකෝ. පළාත්පාලන ඡන්දයේදී පුතාණෝ නැත්තටම නැතිවෙනවා. දැන් ඔය මල ඉලව් සජබ (සජිත් ජලනි බලවේගය) විසුරුවා හැරලා, කළා වගේ හොර සල්ලි ජාවාරම කරගෙන යන්න. නැත්නම් ගෙදර ගෑනිගේ (නීති විරෝධී විදිහට අල්ලාගෙන ඉන්න ගොඩනැගිල්ලේ තියෙන) බාබර් සාප්පුවේ කොන්ඩේ කපන්න...!
Rata Perata Wednesday, 27 November 2024 09:05 PM
ඔය ඔක්කොම එකතුවෙලා රට මේ තත්වෙට ගෙනැල්ලා දැන් බයිලා ගහලා වැඩක් නෑ. අඩුගානේ ඒ මිනිස්සු ජනතාව රවටන වැඩ කරේ නෑනේ ඔයාගේ සහෝදරිය වගේ. නිකම් කට තිබුණු පලියට කියවන්න එපා. මෝඩකම තවත් පේනවා එතකොට....
තර්ස්ත මාෂල් Wednesday, 27 November 2024 09:45 PM
ලගදීම , ජනාධිපති මන්දිරයේ තිබුණු වටිනා වස්තු , බ්‍රිතාන්‍ය වෙළද පොලට ගියේ කොහොමද කියල හොයනවා. ඒක අලුත් අඩිපාරක් , කවුරුත් ගියේ නැති .
Damith Wednesday, 27 November 2024 09:49 PM
ඔව් ඒක බය කියන්න ඕන නැහැ .ගමේ රනිල් කියලානේ කියන්නේ .හැබැයි රනිල් කරන ඔක්කොම කරන්න බැහැ
වික්‍රම විදුර Wednesday, 27 November 2024 10:16 PM
ගොඩ එන්න අලිබබයි හොරු 40යි ගේමු..
බකල ජයා Wednesday, 27 November 2024 11:45 PM
කාපට් කරල දෙන්න, අඩුම ගානෙ කොන්ක්‍රීට් වත් දාල දෙන්න සර් අඩිපාරට.
Vidya Wednesday, 27 November 2024 11:48 PM
ඉතින් ළමයෝ ඔයත් රනිල්ගේ අඩි පාරේම යන්නකෝ
Gona Thursday, 28 November 2024 02:16 AM
ඔයා කියාන්න මොකද කරන්න ඔනි කියා...IMF නොයා...
B Anarasinghe Thursday, 28 November 2024 02:27 AM
ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ටික නම් කර ගන්න බැරි මෙයා එනවා අනුන් ගැන කතා කරන්න
sam Thursday, 28 November 2024 03:46 AM
තමුන් බයිලා නොකියා බලාගෙන ඉන්න . මේ ආණ්ඩුව රට හදන හැටි .තමුන් බලාගෙන ඉන්නේ ජොලි සීයට එකතු වෙන්න නේ
Perera Thursday, 28 November 2024 04:56 AM
අවුරුද්දක් කට පියාගෙන ඉඳලා ඊට පස්සේ කට අරින්න
LUCKY M USA Thursday, 28 November 2024 06:50 AM
බුර බුර ඉන්නේ නැතිව පොඩ්ඩක් නිවාඩුවක් ගන්න .දැන් ඒක ඒ මිනිස්සුන්ට කරගෙන යන්න දෙන්න .ඔබට බොහොම ස්තුතියි
Mahinda Thursday, 28 November 2024 08:13 AM
මේ ළදරැවා තාමත් මෙරටේ පරිවර්තනීය දේශපාලනය කුමක්ද යන්න වටහාගෙන නෑ. හොදම දෙය මා විශ්වාෂය නවක මංත්‍රීන්ට පැවැත්වූ වැඩ මුලුව වගේ යම් ආයතනයකින් මෙතුමාට විරැද්ධ පක්ෂ නායකය කුගේ සැබෑ කාර්‍ය භාරය ගැන වැඩ මුලුවක් පැවැත් වීමයි.
Chinthaka Thursday, 28 November 2024 08:59 AM
තමුන්ගේ 5 ස් දෙනාගේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය විසදගෙන ඉන්න , අනුන්ගේ දේවල් හොයන්න කලින්
hemantha Thursday, 28 November 2024 09:01 AM
එහනම් හොඳයි නේද ?
බකල ජයා Thursday, 28 November 2024 09:09 AM
ප්‍රේමදාසගෙ - ඩුප්ලිකෙට් එක නෙවේ - අඩිපාරේ ගියොත් ඇටකටු, හිස්කබල් හම්බවෙන හින්ද වෙන පාරක යනවද කියල බලන්න ඕන. ඒ පාරෙත් මරලතෝනි ඇහෙන්න, ඇටකටු තියෙන්න පුළුවන්.
පිටරටවැසියා Thursday, 28 November 2024 09:39 AM
පුතාණෝ ඔයටික IMF කට්ටිය මුණගැහිච්ච වෙලාවෙදි ඔයවිදිහටම කිව්වද?
හසකThursday, 28 November 2024 11:04 AM
කිව්වා. හැබැයි ඒ කට්ටිය හිතුවේ මධ්‍යතන කාලේ ඉංග්‍රීසි වලින් ශේක්ස්පියර්ගේ නාට්‍යය විචාරයක් කරනවා කියල.
ජයනාත් Thursday, 28 November 2024 10:03 AM
ඒ පාරෙ ගියා නම් තක්කඩියෝ තවම වැඩ.. උන් දැන් ආතක් පාතක් නැතුව ඉන්නෙ . කොහොම උනත් මේවනතෙක් හොඳයි . ඉදිරියට ත් මෙහෙමම යයි නම් තවත් හොඳයි .
Karunajeewa Thursday, 28 November 2024 10:07 AM
හොරි කසපිය ....ගිනි පිඹපිය ......කියලා කිව්වලු.. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කරගන්න බැරුව, අනුන්ගේ පිට කහන්න යනවා..
Sugath Thursday, 28 November 2024 10:08 AM
මෙම පුද්ගලයා මානසික රෝගියෙකි. එයා සර්කස් එකක විකටයෙක් වෙන්න හොඳයි... එයාට හැම වෙලාවෙම ඕන එයා හැමදේම දන්නව කියල පෙන්නන්න... මොන විහිළුකාරයෙක්ද අනුර පැහැදිලිවම කීවේ තමන් දැනටමත් ස්ථාපිත IMF ප්‍රොටෝකෝල අනුගමනය කරන බවයි.
Mangala Thursday, 28 November 2024 12:21 PM
රනිල්ගේ හොඳ දේවල් ටික ගත්තාට කමක් නෑ... ඒත් ඔබ තුමා ජනාධිපති නොවුන එකනම් රටට ලොකු යහපතක්