IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවා

(ඩයනා උදයංගනී)

වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව දරුණු යෝජනාවක් ගෙනැවිත් ඇතැයි කී මහාචාර්යවරයා ‘අපේම ජනතාව මර්දනයට සැලසුම් සහගතව ගෙන යන වැඩපිළිවෙලේ ඍජු ප්‍රතිඵලයක් ලෙස රට මෙලෙස ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත්වෙනවා’ යැයි ද සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙලට එරෙහිව විපක්‍ෂය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, උපරිම උත්සාහයක් යොදමින් මේ මර්දනාකාරී වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට තුළ අධිආරක්‍ෂිත කලාප නම් කර, මිලිටරි කඳවුරක් ලෙස ස්ථාපිත කරනවා නම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම කළ නොහැකි බව ද ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

මේ සියලු මර්දන සිදුවන්නේ මිනිසුන් නිශ්ශබ්ද කිරීමට බව කී ජී.එල් පීරිස් මහතා රටේ පවතින මන්ද පෝෂණය, ආහාර හා ඖෂධ හිඟය ආදිය ගැන ජනතාවට තොරතුරු හෙළි කරන නිලධාරීන් පවා විමර්ශනවලට බව කියා ගෙන්වා බියකිරීමට උත්සාහ කරන බව ද පැවසීය.  



අදහස් (4)

වත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවා

විපරමා Tuesday, 27 September 2022 04:30 PM

ජී.එල්.පීරිස් උන්නැහැ ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා. මහින්ද ජනාධිපති කාලේ කරපුව එහෙයි කියලා පිළිගත්තා .චන්ද්‍රිකා ගේ කාලේ ඉන්දන් එහෙට මෙහෙට පැන ඇමතිකම් අරගෙන බලතන්හාවෙන් වැඩ කරපු හැටිත් නොදන්නවා නෙවෙයි.. කිසිම ප්‍රතිපත්තියක් නැති දූෂිත දේසපාලුවෝ ?

:       0       1

SUNIL MILANO Tuesday, 27 September 2022 07:57 PM

හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රජපපක්ෂ මැතිතුමා... ළඟ ඉඳගෙන ලංකාව නන්නත්තාර කරන්න පාර කපපු අය දැන් තවත් බොරු බේගල් ඇදබාමින් ඉන්නවා. කොටි ඩයස් පෝරාවට සහ N G.O. සල්ලිවලට රෙදි අපුල්ලනවා.

:       0       2

තර්ස්ත මාෂල් Tuesday, 27 September 2022 10:24 PM

මෙච්චර කල් රට බංකොළොත් කරපු රජයන් යටතේ ඇමැති පට්ටම් අරගෙන කඩේ ගියා මිසක් හොඳ, නරක, නීතිය සහ ජනතාවට අනාගතයේදී වෙන්න යනදේ ගැන කතා කළාද? දැන් පැනලා බබාද? අනික් අයත් මෙලෝ රහක් නැතිව රජවෙන්න නේද මේ දඟලන්නේ? අපි හාමතේ හිටියාට කමක් නැහැ. අපි හාමතේ. මේවා වෙන්න සහයෝගය දුන්නු අයටනේ දැන් කැක්කුම... ජනතාව මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු යවන්නේ නිකන් දෙන බත කාලා සුර සැප විඳින්නට නෙමෙයි... දැන් ඔක්කොම වැරදි කාරයින්. දැන්වත් ගෝ හෝම් වෙලා අපිට සැනසිල්ලේ ඉන්න රටක් ලබා ගන්න ඉඩ දෙන්න.

:       0       4

ruwan Wednesday, 28 September 2022 08:28 AM

අනේ මෙහෙම තන්හාවක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site