
( ෂමින් පණ්ඩිතරත්න- ජිනීවා නුවර සිට)
හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
රනිල් රාජපක්ෂ සදාචාර විරෝධී,ජනවරම අහිමි ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවත්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
විදුලි කප්පාදුව , ඉන්ධන , ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම මේ සියල්ල නිසා ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනාතවගෙන් පැනනගින මූලික අයිතීන් වන, සාමකාමී රැස්වීම් , අදහස් ප්‍රකාශ කිරීමේ, පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරනය පැනවීම, සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස බලකරන බව උද්ඝෝෂකයෝ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදියට නම් සිංහලයා කොඩිය වනවන "උඩ බලාගෙන කෙළ ගැහුවා හා සමානයි.."! අනික යුරෝපයේ ශ්‍රී ලාංකිකයින් ඉන්න පැතිවල බඩුවල ගණන් වැඩි වුනේ නැද්ද..?
හොයන්න දෙයක් නෑ.. මෙතන ඉන්නේ කොටි සහ තමන්ගේ පෞද්ගලික වාසි සඳහා කොටි සමග ලගින මැක්කන්... එච්චරයි..!
ඒ රටවල්වල ඔය ලංකාවේ වගේ හොරු ඉන්න පාර්ලිමේන්තුවක් නැහැනේ...!
අපි ආරක්ෂිතයි... ලංකාවේ ප්‍රශ්නයක් නැහැ.
ඩයස්පෝරාවේ මුදල් පොම්ප කරන කිං මුන් නිර්වස්ත්‍රව වීදි බහී ...යුද්ධය වෙලාවේ රණවිරුවන් වෙනුවෙන් කවුරුවත් ජිනීවා ආවේ නැහැ අපි එක්ක...