
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ඒ සම්බන්ධයෙන් මිතුරකු තමාට ඡායාරූප පවා ඒවා ඇතැයි ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.
මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ මිලියන දහදාහක් ආයෝජනය කර ඇතැයිද ඔහු කීවේය.
මයිනා, වෑල්ඩින් නන්දෙ, මොළ හතා වැනි ප්‍රකාශ ජනතාව අද කරන්නේ පාලකයන්ට ඇති බරපතළ විරෝධතාව නිසා යැයි පැවසු අබේසිංහ මහතා වර්තමාන පාලකයන් ණය මත යැපෙන ආර්ථිකයක් නිර්මාණය කර ඇතැයිද චෝදනා කළේය
රජයේ විවිධ රටවල් වලට ගොස් සිඟා කන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැජික් කාරයකු නොවන බවත් ඔහු කීවේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මූල්‍ය උපදේශකයන් තවමත් පත් කර නැතැයි චෝදනා කළ අබේසිංහ මහතා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට එකඟ නැතැයි දැනුම්දී ඇති බවද ප්‍රකාශ කළේය.
රාජපක්ෂවරුන් කියන්නේ හිරේ සිටිය යුතු පිරිසක් බවත් එවැනි තැනක සිටිය යුතු ඒ පිරිස නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේදී ගේම් එකක් ගැසූ බවත් ඔහු කීවේය.
රටපුරා ජංගි එල්ලීමට පටන් ගෙන ඇත්තේ ආණ්ඩුවට එරෙහි විරෝධය බලවත්වීම නිසා බව පැවසූ අශෝක් අබේසිංහ මහතා මිනිසුන් මේ අයගේ ජංගි ගලවන දිනය වැඩි ඈතක නොවන බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබෙ ඉන්න ළදරු මානසික ගොබ්බයින් තමයි මේ. මේවා නොදන්නවා වෙන්ට බෑ. 1977 ජේ.ආර්. පටං ගත්තු වැඩේ වත්මන් පාලකයින් පිට පටවන්න හදන, මේ තරම් කට්ට කයිරාටික තුච්ඡ දේශපාලකයින් ලංකාවට නැවත බිහි නොවේවා යන්න මහජන පැතුමයි.
මේ සජබෙ හිතාගෙන ඉන්නෙ අපි ගිය සතියේ උපන් අතදරුවෝ කියලා.. ඒකනේ මෙහෙම කතා කරන්නේ, මේ පාදඩයින් 77 ඉඳන් කන්න පටන් අරං කාගෙන කාගෙන ඇවිත් දැන් කියනවා මෙන්න මේ ගොල්ලන් තමයි ණය මත කන්න ආර්ථිකයක් ඇතිකළේ කියලා, මේ අයට අමතක වුණේ කොහොමද? අන්තිමට මේ අය 2015-2019 කාලේ කළේ මොනවද කියලා? අඩුම ගානේ පාරක වලක්වත් වැහුවාද ගත්තු ණයවලින්? මහබැංකුව හොරාකාලා කට්ටිය බෙදාගත්තා, මේ අය හොරු අල්ලන්න කියලා ඇවිත් මෙයාලාම හොරාකෑවා..
බබා කතා එපා. සේරම මේවාට වග කියන්න ඕනෑ...