IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

වත්තල මීගමුව පාරේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප්, හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු  තවත් පුද්ගලයකු සමග එක්ව ඉකුත් (22) දින සිට වරින් වර එම ගබඩාවට ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6 ක්, ලප්ටොප් පරිගණක 4 ක්, කුඩා ශිතකරණ 4 ක්, වතුර මෝටර් 4 ක් ඇතුලු දෙපළ සොරාගෙන ගොස් ඇති බවත් ඊයේ (9) වත්තල පොලිසියට පැමිණිලි ලැබී ඇත.

 මෙම පැමිණිල්ල අනුව පොලිසිය ප්‍රදේශයේ ගෙවල් බිදුම්  වල නිරත සිටි  පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.

 සැකකරු වත්තල ප්‍රදේහයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු නිවසේ තිබු ඉහත ගබඩාවෙන් සොරාගත් රූපවාහිණී යන්ත්‍ර 4 ක් හා ශිතකරන 4 ක් පොලිසිය මගින් සොයාගන ඇත.



අදහස් (0)

වත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site