(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේ පැවසීය.
අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකෝටි විසිලක්ෂයක් ජනතාව බේරා ගැනීමටනම් අතලොස්සක් වූ මේ කාලකන්නි වෘතීය සමිති නායකයන් කියාගන්නා කොමිස් කාක්කන් ටික අස්කර දැමිය යුතුමයි.
මෙක නම් සැහෙන්න හොද දෙයක්. මොන දෙශපාලන කතා කිව්වත්, වැඩ කරන සේවකයො මෙ විදියට සාමානය ජනතාව අමාරුවෙ දාන එකයි, රටෙ යම් කිසි තත්වයක් එනකොට එකට කෙල වෙලා යන්න කරන දේවල්. විකුණන එක වැරදි. නමුත් අයි ඔ සි එක ලාභ ලබනකොට, මෙක පාඩු ලබනවා කියන එකත් එක්ක මොන හෙතු කිව්වත්, ආණ්ඩුව, දේශපාලකයො වග කියන ඔනි. මොන සහනෙ දුන්න කිව්වත් අන්තිමට බදු ගෙවන මනුස්සය ගෙවන්න එපැයි. මොකො ඔය සේවකයොවත්, එහෙමත් නැතිනම් දේශපාලුවො වත් ගෙවන්නෙ නැහැනෙ.
සියලුම වර්ජකයින් ඉවත් කළ යුතුයි. හොඳ පියවරක් කාන්චන හොඳයි.
කොන්ද පණ ඇති එක් ඇමතිවරයෙකුවත් රටේ සිටීම ගැන සතුටුයි. අධ්‍යාපනයට හා සෞඛ්‍යටත් කොන්ද පණ ඇති ඇමතිවරුන් ලැබේවා.
රටේ ආන්ඩුව සතු සියළුම සංසථා පුද්ගලීකරණය කළ යුතුයි. සුළු මුදලකට සුළු මුදලකට යටත්ව පාසල් පවා.
ඔබතුමාගෙ සෘජු තීරණ රටේ අනාගතයට සුභ දැක්මක් ... අනෙක් ඇමතිවරුන්ද මෙතුමා ආදර්ශයට ගත යුතුයි.
බමුණු ගේ යෝජනා ක්‍රීයාත්මක වෙනවා වගේ. JR ජුලි වර්ජකයින්ට දුන් දඬුවම දෙන්න.
නියමයි වැඩේ ජයවේවා